News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

තිසරගේ facebook පිළිතුරට ෂෙහානුත් ප්‍රති පිළිතුරු සපයයි

7162 Views


තිසරගේ facebook පිළිතුරට ෂෙහානුත් ප්‍රති පිළිතුරු  සපයයි

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ෂෙහාන් ජයසුරිය සහ ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අතර සීතල යුද්දයක් ඇති ව තිබෙනවා. ඒ ෂෙහාන් ජයසුරිය විසින් අමෙරිකාවේ සිට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් කියා පුවත්පතකට සදහන් කර තිබෙන්නේ තමන්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ස්ත්නයක් නොලැබුණේ තිසර පෙරේරා සහ ඔහුගේ බිරිද නිසා බවයි.

මෙයට තිසර පෙරේරා සිය facebook ගිණුමේ ඊට පිළිතුරු සපයමින් සදහන් කර තිබුනේ මොහු 2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහූගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කලමනාකරුගෙන් අවසර ඉල්ලා තිබෙන බවත් එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කලෙමි. එයට හේතුව කන්ඩායමක් තුල ආරක්ෂා කලයුතු විනයයි (Discipline). කණ්ඩායම සමග සංචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැදීසිටිනු ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ තිසර පෙරේරා ද ෂෙහාන් ජයසූරියට සිදු කර ඇති මෙම චෝදනාවට ඔහු ද නැවත වරක් සිය face book ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සදහන් කර තිබෙනවා.

එම face book සටහන් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post