අසල්වැසි ගෝතමාලාවේ සිට පැමිණෙන සංක්‍රමණිකයන් දහස් ගණනක් පොලීසිය විසින් අවහිර කර ඇති බැවින් මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් සිය සංක්‍රමණ ප්‍රතිපත්තියේ විශාල ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා.
ජනාධිපති තේරී පත් වූ ජෝ බිඩෙන් මෙක්සිකෝව සහ අනෙකුත් රටවල් සමඟ කටයුතු කිරීමට එකඟ වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ලෝපෙස් ඔබ්‍රඩෝර් මහතා එහි සඳහන් කර සිටිනවා.
හොන්ඩුරාස්හි සිට සංක්‍රමණිකයන් 7,000 ක් පමණ ගෝතමලාවට ඇතුළු වී තිබෙනවා. ඔවුන් මෙක්සිකෝවට ගොස් අවසානයේ එක්සත් ජනපද දේශ සීමාවට ළඟා වීමට බලාපොරොත්තු වෙනවා. මෙසේ සෑම වසරකම මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයන් දස දහස් ගණනක් එක්සත් ජනපදයට ළඟා වීමට උත්සාහ කරනවා.
ඔවුන් පවසන්නේ තම මව් රටවල සිදුවන හිංසා පීඩා, ප්‍රචණ්ඩත්වය සහ දරිද්‍රතාවයෙන් පලා යන බවයි. පසුගිය නොවැම්බරයේ මධ්‍යම ඇමරිකාවට බලපෑ දැවැන්ත සුළි කුණාටු දෙකක් නිසා ඇති වූ තත්වය නිසා මෙය වඩාත් නරක අතට හැරී තිබේ.