අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. මේ අතර පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් ද අද දිනයේ දිවුරුම්දීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කරනවා.
අවසන් වු එරට ජනපතිවරණ ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජෝ බයිඩ්න් ජයගනු ලැබුවා. මෙම ජනපතිරණයේ ප්‍රතිපල අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රියා කළා.