News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

රන්ජන් පාර්ලිමේන්තුවට කැඳවීම ගැන අවසන් තීරණය තව සති තුනකින්

463 Views


රන්ජන් පාර්ලිමේන්තුවට කැඳවීම ගැන අවසන් තීරණය තව සති තුනකින්

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා සති තුනක පමණ‍ කාලයක් ලබා දෙන්නැයි කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය

වැඩිදුරටත් අදහස් දක්වමින් කථානායකවරයා පවසා සිටියේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවූයේ නිසි අධ්‍යනයක් කර නීත්‍යානුකූල පසුබිම විමසා බැලීමෙන් පසුව බවයි.

එලෙසින්ම රන්ජන් රාමානායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්ද නීත්‍යානුකූල උපදෙස් ලබා ගෙන ඒ පිළිබඳව කරුණු අධ්‍යනය කරන අවසන් තීරණය ලබා දෙන බව කථානායකවරයා සඳහන් කර සිටියා. මන්ත්‍රිවරුන්ට මේ සම්බන්ධව ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමට ඇත්නම් ඉදිරි සති දෙක තුළදී ලිඛිතව ඉදිරිපත් කරන ලෙසද කථානායකවරයා දැනුම් මෙහිදී දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post