News Line| Off Air
Generic placeholder image

Jan
21

වැසි තත්වයේ අඩුවීමක්

453 Views


වැසි තත්වයේ අඩුවීමක්

දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වේ.

උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post