අද ශ්‍රී ලංකාව යළි වානිජ ගුවන් ගමන් සදහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු වානිජ ගුවන් යානය අද දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒ අනුව අද දින උදෑසන 7.40 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පැමිණ තිබූ අතර, ඔවුන් නීරෝධායනය සදහා යොමු කිරීමට නියමිතව තිබෙනවා.