whats app හි කොන්දේසි නියාමනය වෙනස් වීම හේතුවෙන් එම සමාජ මාධ්‍ය පරිශීලකයින් ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන බවට සමාජය තුල මතයක් හටගෙන තිබෙන අතර මේ හේතුව නිසා අදාල එම සමාගම එම නව කොන්දේසි ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කර තිබෙනවා.
පෙබරවාරි මාසයේ දී එම නව කොන්දේසි ක්‍රියාත්මක කිරීමට එම සමාගම තීරණය කර තිබුනද ජනතා විරෝධය සැලකිල්ලට ගෙන එම නව නීති බලාත්මක කිරීමේ කාලය මැයි මාසය දක්වා තව දුරටත් දිගු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සමාගම ප්‍රථමයෙන්ම සදහන් කලේ මෙලෙස whats app හි නව කොන්දේසි වලට එකග නොවන අයගේ අදාල ගිණුම් ස්වයංක්‍රියව අක්‍රිය වන බවයි.
පවතින තත්වය අනුව පරිශීලකයින් හට මෙම නව කොන්දේසි අනුගමනය කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට සමාගම තව දුරටත් කාලය ලබා දී තිබෙනවා.