News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

ඊයේ දිනයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

462 Views


ඊයේ  දිනයේත්  වැඩිම  කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

අද උදෑසන වන විට මෙරටින් කොවිඩි රෝගීන් 695ක් හදුනාගෙන තිබෙනවා. ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ රෝගීන් 337කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 136ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 71ක් ද අනෙක් 327දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා විය.මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 56075ක් වන අතර ඉන් පුද්ගලයින් 47983ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 2ක් වාර්තා විය.ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 276ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථන වල රෝගීන් 7816ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ඊයේ දිනයේ මෙරට තුළ PCR පරීක්ෂණ 16108ක් සිදු කර තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 91ක් තුළ පුද්ගලයින් 8173ක් නිරෝධායනය වෙම්න් සිටි.


News Articles
Latest Videos
Most Popular Post