News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

අද ලග්න දෙකකට රැකියාවේ දියුණුව – සම්පුර්ණ විස්තරය මෙන්න…

1000 Views


අද ලග්න දෙකකට රැකියාවේ දියුණුව – සම්පුර්ණ විස්තරය මෙන්න…

රාහු කාලය – පෙ.ව 03.04 සිට 04.34

සුභ දිශාව – දකුණ

මරු සිටින දිශාව – බස්නාහිර

 

 

මේෂ ලග්නය

ඔබේ විවාහ තීන්දු ඉක්මන්කරවීමට ඉඩකඩ ඇති කරනවා.තම ස්වාමියා හෝ බිරිද කෙරෙහිද ව්‍යාපාර කොටස් කාරයන් කෙරෙහිද එක ගතියකින් කල් පසු කිරීම ඔබට අසීරු කරනවා.ඔබ තුල චංචල ගති බහුල වෙනවා. කවුරුත් ඔබ දිහා ඕනෑකමින් බලන දිනයක් විය හැකියි.ලෞකික සැප සම්පත් හොදින්ම ලබන්න පුළුවන් දිනයක්. තම ස්වාමියාගේ හෝ භාර්යාවගේ හොද ගති ගුණ සැනසිල්ලට හේතු වෙනවා.ශුරත්වයෙන් යුතුව කටයුතු කිරීමෙන් හවුල් කොටස් වෙළදපොල මහජන සබදතා හා විවාහ සම්බන්ද කටයුතු අති සාර්ථකව ඔබට නිමාවට පත් කර ගන්න පුළුවන්.ලාභ වාසි වැඩි කරනවා.කා සමගත් සහයෝගයෙන් කටයුතු කර බාධක විරෝධතා රැවටීම් පරාජය කරන්න ඔබ උත්සුක විය යුතුයි.

ජය වර්ණය – සුදුපැහැය                  ජය අංකය – 07

 

වෘෂභ ලග්නය

ඔබගේ හදිසි කෝපය දැඩි තීරණ නිසා ඔබ අලාභ අවාසි ඇති කර ගන්නවා.ඔබට අන් අයගේ සහයෝගය නොලැබී යනවා.හවුල් කොටස් වෙළදපොල මහජන සේවා විවාහ කටයුතු වලින් අසාර්ථකත්වයක් ඇති කර ගන්නවා.ඔබ හා බිරිද හෝ ස්වාමියා අතරත් ව්‍යාපාර හවුල්කරු අතරත් පැවති සබදතාවයන් බිද වැටීමට හොදටම ඉඩකඩ තියෙන දිනයක්.අගෞරවය අපකීර්තිය ඔබ වටා කැරකෙන්න තියෙන දිනයක්.ඔබේ සාර්ථකත්වය සදහා ඉවසිලිවන්තව හා අන් අය සමග සහයෝගයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදිය යුතුයි.

ජය වර්ණය – රතු පැහැය                ජය අංකය – 08

 

මිථුන ලග්නය

ඔබ අද බාධාවන් හා සතුරු පිඩා හමුවේ තදින් කෝපවන දිනයක් විය හැකියි.ඒ නිසා අනතුරු වලට ලක් වීමේ අවධානම පවතිනවා.ඔබ තුල පලිගන්නා සුළු ස්වභාවය ඇති වෙන්න පුළුවන්.ගෘහ හා විවාහ ජීවිතය තුල ඝට්ටන ඇති කරන්න පුළුවන්.මුදල් නිකරුනේ නාස්ති විය හැකියි.ඔබ අස්ථාන චෝදනා වලට නීති ගැටළු වලට මදි විය හැකියි. වචනය තුල බලාපොරොත්තු කැඩිබිදී වැටෙන්න පුළුවන්. යටත් සේවකයන් ඔබට විරුද්ධ වෙන්න පුළුවන්. යටිබඩ ගර්භාෂය ආශ්‍රිත පැවති රෝග තත්ව වලින් අද දිනය තුල පිඩාවට පත් වෙන්න පුළුවන්. ඔබ ඉතාම ඉවසිලිවන්තව හා එඩිතරව කටයුතු කිරීමෙන් හා නුවණින් යුතුව ක්‍රියා කිරීමෙන් අන් අය සමග සහයෝගයෙන් යුතුව ක්‍රියා කර ජය ලැබිය හැකියි. ඉගෙනීමෙන් ක්‍රීඩා කලා කටයුතු වලින් සුභ ප්‍රථිපල හා හවුල් කටයුතු වලින් ධනය කිර්තිය ලැබීමට ඔබට හැකි වෙනවා.

ජය වර්ණය – සුදු පැහැය                ජය අංකය – 05

 

කටක ලග්නය

ඔබට ගෙදරදී තරහ යන ගතිය වැඩි කරනවා.ඔබ හා ගෙදර දියුණුවට බාධාවන් ඇති වෙනවා.සතුරු පිඩා වලට මුහුණ දීමට සිදු වෙනවා.ශාරීරික මානසික සුවතාවය අඩු වෙන්න පුළුවන්.ඉගෙනීමට ක්‍රීඩා හා කලා කටයුතු වලට ඉතා අයහපත් දිනයක් විය හැකියි.එහි දියුණුව ලැබීමට අවශ්‍ය නම් ඉතා ඉවසිලිවන්තව නුවණින් යුතුව ක්‍රියා කිරීමට සිදු වෙනවා.අන් අයගේ සහයෝගය ලැබීමට ඔබට නොහැකි විය හැකියි.හවුල් හා කොටස් වෙළදපොල ගණුදෙනු වලදී අලාභ හා අපකීර්තියට ලක් වීමට ඉඩ තියෙනවා.විවාහ මංගල යෝජනා සලකා බැලීමට සුදුසු දිනයක් නම් නොවේ.දිනයේ දියුණුව වෙනුවෙන් බාධක හමුවේ එඩිතර වන්න.නුවණින් යුතුව තමාගේ වැඩ කටයුතු වලට අනුගත වෙන්න.සහයෝගයෙන් යුතුව ඔබගේ ඉලක්ක කරා යන්න සුදානම් වන්න.

ජය වර්ණය – සුදු පැහැය                 ජය අංකය – 06

 

සිංහ ලග්නය

අද දිනය ඔබ බොහොම උද්යෝගීමත්ක්‍රිඩාශීලි ගතියකින් වැඩ කටයුතු කරමින් ගෞරවය ලබන කෙනෙක් බවට පත් වෙනවා.ගමන් බිමන් වැඩි වෙන්න පුළුවන්.දිනයේ දියුණුව වෙනුවෙන් අවංක වෙන්න.බාධාවන් පරාජය කිරීමට තරම් එඩිතර වන්න.නුවණින් යුතුව කටයුතු කරන්න.එවිට ඔබට ඉගෙනීමෙන් සමර්ථකම් දක්වන්න පුළුවන්.ක්‍රීඩාවෙන් ජය ලැබීමට හැකියි.කලා කටයුතු වලින් ගෞරවය ලැබීමට හැකි වෙනවා.ආදරය කරන ඔබ සිතින් කයින් බොහෝම කඩිසර වෙනවා.මල්ලව පොර සෙල්ලම් හා ඉක්මන් ගමන් බිමන් වලට යෝග්‍ය වෙනවා. දුර ගමනක් යෙදීමට ඉඩකඩ තියෙනවා.හොද හිත ඇති ගුණවත් ගෞරවාන්විත අයෙක් ලෙසට ඔබට යම් ප්‍රසිද්ධියක් ලැබිය හැකියි.ලොතරැයි වසනාවන්ට හිමිකම් ඇති කර ගන්න පුළුවන්.රාජ්‍ය අංශයේ තැන්වල උපකාර ලැබීමට හැකි වන්නේ නම් නැහැ.මවට සුභ දිනයකුත් නොවේ.ඔබ හා මව අතර සුළු සුළු ඝට්ටන ඇති වෙන්න ඉඩකඩ තියෙන බැවින් ඉවසිලිවන්තව ගෙදරදොර වැඩකටයුතු වල ඔබ යෙදිය යුතුයි.

ජය වර්ණය – සුදු පැහැය                  ජය අංකය – 05

 

කන්‍යා ලග්නය

ඔබ හිතින් කයින් කඩිසර කෙනෙක්.ඔබේ අවංකත්වය නිසාම ඔබට ගෙදර ඉන්න ප්‍රදේශය තුල ගෞරවයක් ලැබීමට හැකි වෙනවා.ගේදොර ඉඩකඩම් වල දියුණුවක් ලැබීමට හැකි වෙනවා.හොද හිත ඇති ධාර්මිෂ්ඨ අයෙක් ලෙසට ඔබට කාලය ගෙවීමට හැකි වෙනවා.ඔබ මවට වඩා හිතවත් වෙනවා.නෑයින්ට සැලකීමට කැමති වෙනවා.ඔබේ උත්සාහයන් අතරමග කඩා වැටීමට ඉඩ තියෙනවා.සහෝදර ආශ්‍රයට යහපත් වන්නේ නැහැ.ආදරය කරන ඔබලා හමුවීමට සුදුසු දිනයක් නම් නොවේ.ඉගෙනීමට ක්‍රිඩා හා කලා කටයුතු වල දියුණුවට අවහිරකම් ඇති කල හැකියි.

ජය වර්ණය – දීප්තිමත් සුදු පැහැය                 ජය අංකය – 05

 

තුලා ලග්නය

ඔබ තම මවට දෙමව්පියන්ට හිතවත් නොවන දිනයක් විය හැකියි.ඔබගේ ව්‍යාජත්වය වංකභාවය අන් අය ගැන නොසිතා ක්‍රියාකාරී වීම නිසා ඔබ විසින්ම ඔබේ දියුණුවත් ගෙදරදොර ඉඩකඩම් දියුණුවටත් අවහිරකම් ඇති කර ගන්නවා.ඔබ ගෙදර අය සමග අමනාපකම් වැඩි කර ගන්න දිනයක්.එම නිසා අන් අය ගැනත් සිතමින් ඔවුන්ටත් ලාභයක් ලැබෙන පරිදි කටයුතු කිරීම තමයි වටින්නේ අද දිනය තුල ඔබට සාර්ථක වෙන්න.ඉදිකිරීම් වැවිලි ඉඩකඩම් සංවර්ධන ක්ෂේශ්ත්‍ර වල සිටින ඔබගේ දියුණුව අඩු වෙනවා.උත්සාහයෙන් යුතුව කටයුතු කර ලියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ක්ෂේත්‍ර වල සිටින ඔබගේ දියුණුව අද ඔබට ලබන්න පුළුවන් වෙනවා.බුද්ධිමත්ව හා ලෙන්ගතුව කටයුතු කරමින් ඉගෙනීම ක්‍රිඩා හා කලා කටයුතු වල දියුණුව ලැබීමට අද ඔබට හැකියාවක් තියෙනවා. ගුරුවරුන්ට පුහුණුකරුවන්ට දියුණුව සාර්ථකත්වය ලබා ගන්න පුළුවන්.ආදරය කරන ඔබ දෙදෙනා අතර සමගි සම්පන්නභාවය වැඩි වෙනවා.

ජය වර්ණය – සුදු පැහැය                  ජය අංකය – 03

 

වෘශ්චික ලග්නය

අද ඔබ ගන්නා උත්සාහයන් අසාර්ථක කිරීමට බොහෝ අවරහිරකම් සිදු වීමට ඉඩකඩ තියෙනවා.ඔබගේ උත්සාහයන්ට ලැබෙන ප්‍රථිපල හීන වෙනවා.ඒ නිසා ඔබ අන් අය ගැනත් ඔවුන්ගේ සුභසාදනය සිතමින් කටයුතු කල යුතුම වෙනවා.සහෝදරයන් අසල්වාසීන් පියපස නෑයින් ආශ්‍රයේදී අමනාපකම් ඇති වීමට ඉඩ තියෙනවා. හදිසි කෙටි ගමන් බිමන් වලට සුදුසු දිනයක් නොවේ.කෑම රුචිය නිතර දැනෙන දිනයක්.කතාවේ දක්ෂතාවයෙන් ධනය හම්බ කරන්න පුළුවන්.ගෘහ හා විවාහ ජීවිතයේදී ඔබ අනිකාගේ අඩුපාඩු පෙන්වීමට විවේචනය කිරීමට යන්න නම් එපා.ගෙදරදොර සමගිසම්පන්න බව ඇති කර ගන්න පුළුවන්.ගෙදරදොර දියුණුවක් ඇති කර ගැනීමට නම් හැකියාවක් පවතින බව අමතක කරන්න එපා.විශේෂයෙන්ම ලියන කාර්මික මුද්‍රණ විද්‍යුත් අංශයේ සිටින ඔබගේ උත්සාහයන්ට අද අවහිරකම් ඇති වීමෙන් ඔබේ දියුණුව අඩු වීමට හේතු කාරනා යෙදෙන්න පුළුවන්.

ජය වර්ණය – සුදු පැහැය                  ජය අංකය – 02

 

ධනු ලග්නය

ඔබ අද හොද සිහිකල්පනවකින් යුක්තව තම වෘත්තීය ව්‍යාපාර වගකීම් රාජකාරි ඉෂ්ට කරගෙන යහපත් දියුණුවක් කරා ඔබට පිය මැනීමට ඉඩකඩ ඇති කරන දිනයක්.වෘත්තීය හා වෙළදාමට ඔබ අද දක්ෂ වෙනවා.විශේෂයෙන් ධාන්‍ය හා වෙදකමට ඕන දේවල් විකුණා ඔබගේ ලාභය වැඩි කර ගැනීමට අද ඔබට හැකි වෙනවා.වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින ඔබට ඉතාම ජයග්‍රාහී දිනයක් විය හැකියි.තමා යටතේ වැඩ කරන ඔබ වඩා හිතවත් වෙනවා. ඔබ අද වෘත්තීය තුල යහතින් කාලය ගෙවන කලබල නැති අහංකාර නැති අයෙක් බවට පත්විය හැකියි. වෘත්තීය ව්‍යාපාර ගමන් බිමන් වැඩි වීමට ඉඩකඩ තියෙනවා.ස්ත්‍රී පක්ෂයේ මිතුරියන්ගෙන් ඔබට උපකාර ලැබෙනවා.ස්ත්‍රී ඔබට පිරිමි මිතුරන්ගෙන් උපකාර ලැබෙනවා.විදේශ සේවාව දුත මෙහෙවර ගුරු වෘත්තීය ලේකම් ධුර දරන අයට විශේෂ දියුණුවක් ලැබීමට අද හැකියාවක් තියෙනවා.මිතුරු ආශ්‍රයට සමාජයේ වගකීම් දැරීමට සුදුසුම දිනයක්. ආදායම් වැඩි කර ගන්න පුළුවන්.උසස් ඉගෙනීම විදෙස් සංචාර වලට යහපත් වෙනවා.පිං කිරීමට උසස් අය හමුවීමට අද ඔබට ඉඩකඩ ලැබෙනවා.

ජය වර්ණය – කොළ පැහැය                        ජය අංකය – 10

 

මකර ලග්නය

වෘත්තීය ප්‍රධානීන්ගේ සගයන්ගේ ආශ්‍රයෙන් සියලු වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට ඉඩකඩ ලැබෙනවා.වෘත්තීය පරිසරය තුල ස්ත්‍රීන් සමග කුළුපග ලෙස කටයුතු කිරීමට ඔබට ඉඩ ප්‍රස්ථාව උදා වෙනවා. ස්ත්‍රී ඔබටත් පිරිමින් සමග කුළුපග ලෙස කටයුතු කර තම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අද ඉඩකඩ ඇති වෙනවා.පියාට මවට වඩා හිතවත් වෙනවා.සමාජයේ වගකීම් දැරීමට මිතුරු වැඩිමහල් සහෝදර ආශ්‍රයටත් යහපත් නොවන දිනයක්.ආදායම් පහල වැටීමට ඉඩ තියෙනවා.සමාජයේ වගකීම් දැරීමට සුදුසු දිනයක් නම් නොවේ. ඔබගේ වෘත්තීය කටයුතු වලට වෘත්තීය ප්‍රධානීන්ගේ සහයෝගය ඔබට ලබා ගන්න පුළුවන් දිනයක්.පිං කිරීමට උසස් ඉගෙනීමට විදෙස් හා දුර ගමන් වලට යහපත් වෙනවා.

ජය වර්ණය – සුදු පැහැය                ජය අංකය – 10

 

කුම්භ ලග්නය

දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ උසස් අයගේ ආශ්‍රය තුල ඔබට අද දිනයේ දියුණුව ලැබීමට හැකි වෙනවා.ඔබ මවට වඩා හිතවත් වෙනවා.ඔබ පිං කිරීමට ආස කරනවා.ඒ තුල ඔබට ඇගයීමක් ගෞරවයක් ලැබීමට හැකි වෙනවා. උසස් ඇගයීමේ කටයුතු සාර්ථක කරනවා.විදෙස් හා දීර්ඝ ගමන් සාර්ථක කරනවා.පියාගේ දුකසැප බැලීමට හැකි වෙනවා.සංගීතයට කාව්‍ය කරණයට කෞතුක දේට ඔබ අද වඩා ප්‍රිය වෙනවා.ඔබ අද ස්ත්‍රීන් අතර කුළුපගයෙක් වෙනවා.ස්ත්‍රී ඔබ පිරිමි පක්ෂය අතරේ කුළුපගයෙක් වෙනවා.අද ඔබට යුක්තිගරුක මිත්‍රයන් ඔබ වටා සිටිනවා. ඔබගේ තරහ කෝපය නිසා ඔබගේ වෘත්තීය සාර්ථකත්වය ලබන්න සුදුස්සෙක් වන්නේ නම් නැ. අපකීර්තිය හෝ අකරතැබ්බය තුල ඔබට වෘත්තීය කටයුතු වල කලකිරීමකට පත් වෙන්න සිදු වෙනවා.ඒ නිසා වෘත්තීය තුල ප්‍රධානීන්ට ගරු කරන්න.ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න.නිතරම ඔබේ සගයන් සමග සුදුසු නායකත්වයක් අරගෙන සමාදානයෙන් කටයුතු කල යුතුයි.

ජය වර්ණය – සුදු පැහැය                 ජය අංකය – 09

 

මීන

ඔබ අද ඔබගේ දෛනික කටයුතු කෙරේ දක්වන්නේ අනවබෝධයක්.පමණට වඩා වැඩි විශ්වාසය නිසා ඔබ ඔබගේ දෛනික කටයුතු කල් දමනවා.අතපසු කරනවා.ඒ නිසාම දිනයේ දියුණුව අඩු කරනවා.ආශ්‍රය කරන අය අතර නොගැලපීම් ඇති කල හැකියි.විවාහ වීමට සිටින ඔබට ඔබගේ විවාහය සම්බන්ධයෙන් අන් අයගේ විරෝධතාවන්ට මුහුණ දීමට සිදු විය හැකියි.ඔබේ දියුණුව වෙනුවෙන් අන් අයගේ උපකාර බලාපොරොත්තු වෙන්න නම් එපා.ඔබගේ අසංවර ක්‍රියාදාමයන් නිසා ඔබ උසස් අය වැඩිහිටියන් අතරේ අපකීර්තියකට අගෞරවයකට පත් විය හැකියි.විදෙස් හා දුර ගමන් ඔබට අනතුරුදායක විය හැකියි.ස්ත්‍රීයක් නිසා පිරිමි ඔබත් පිරිමියෙක් නිසා ස්ත්‍රී ඔබත් අපකීර්තියකට පත් විය හැකියි.අස්ථාන චෝදනා ඔබට ලක් වීමට ඉඩ තියෙනවා.

ජය වර්ණය – රතු පැහැය                ජය අංකය – 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :ලක්ස් සේනානායක

දුරකථන අංකය:  0776719151

 


News Articles
Latest Videos
Most Popular Post