රාහු කාලය – ප.ව 12.15 සිට 01.47
සුභ දිශාව – උතුර
මරු සිටින දිශාව – නිරිත
මේෂ ලග්නය

තරමක කල්පනකරීත්වයෙන් යුතුව කටයුතු කලයුතු දිනයක්.අනවශ්‍ය වියදම් වීම් ඉහල යාමේ අවධානමක් පවතින නිසා ඔබේ මුදල් පසුම්බිය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න.පපුව ආශ්‍රිත උෂ්ණගත රෝග තත්ව උනත් වැළදීමේ ඉඩකඩ පෙන්නුම් කරලා තියෙනවා.ඒ වගේම තමයි කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලිනුත් දවසේ කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා.වෙළදාම් කටයුතු රැකී රක්ෂා කටයුතු ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු දියුණු කර ගැනීමේ ඉඩකඩ වෙන්වෙලා පවතිනවා.
ජය වර්ණය – ලා දම්පැහැය ජය අංකය – 08
වෘෂභ ලග්නය

ප්‍රේමනීය සම්බන්ධතා විවාහ ආදී කටයුතු වලදී බාධා කම්කටොලු පැන නැගුනත් ඒවා අබිභවා ඔබට ජයග්‍රහණ ලගා කර ගැනීමේ හැකියාව පවතිනවා.ඉවසීමේ ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පැවතීමත් දරා ගැනීමේ හැකියාව උසස් මට්ටමක පැවතීමත් වඩාත් වැදගත් වෙනවා.කොහොම උනත් සෞම්‍ය ලීලාවෙන් කටයුතු කරන්න සියල්ලන් සමග සිනාමුසු මුහුණෙන් ගනුදෙනු කරන්න ඔබට ශක්තිය දෛර්ය වාසනාව පැවතීම වඩාත් වැදගත් වේවි. ඒ නිසාම අද දවස බොහොම ජයග්‍රහණයන් සපිරුණු දවසක් විදියට හදුන්වන්න පුළුවන්.
ජය වර්ණය – ක්‍රීම්පැහැය ජය අංකය – 05
මිථුන ලග්නය

මව්පස ඥාතීන් සමග කරන ගනුදෙනු වලදී කාන්තා පාර්ශවය සමග කරන ගණුදෙනු වලදී කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා.ඔබම ගන්න තීන්දු තීරණ නිසා ඇතැම් විට ඔබම පීඩාවකට පත් වෙන්න පුළුවන්.වචන භාවිතා කිරීමේදී හට ගන්නා දෝෂ සහගත තත්ව අද දවසට විතරක් නොවේ ඉදිරි කාලයටත් යම් යම් ගැටළු නිර්මාණය කරන්න පුළුවන්.බොහෝ සෙයින් කල්පනාකාරී වීම අතිශය වැදගත්.ආහාර ගැනීමේ රටාවටත් යම් යම් බාධා ඇති වෙනවා.
ජය වර්ණය – දීප්තිමත් කොළ පැහැය ජය අංකය – 03
කටක ලග්නය

අධ්‍යාපනය ලබන අයට අද දවස වැදගත් දවසක් බවට පත් වෙනවා.බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමේ ඉඩකඩ වෙන්වෙලා පැවතුනත් පුංචි පුංචි අමතකවීම් පවතිම නිසා කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා.ජය පිරිත ශ්‍රවණය කර වැඩ කටයුතු ආරම්භ කරන්න.ජලාශ්‍රිත ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා ඉන්න අයගේ එවැනි ව්‍යාපාරික කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්.ඒ වගේම තමයි පාද ආශ්‍රිත රෝග තත්ව කොන්ද ආශ්‍රිත රෝග තත්ව පුංචි පුංචි පිඩාකාරී තත්ව ඇති විය හැකියි.
ජය වර්ණය – රෝස පැහැය ජය අංකය – 09
සිංහ ලග්නය

රැකී රක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් නිර්මාණය වෙනවා.වෘත්තිමය ශක්තිමත්භාවය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ උසස් වීම් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම අද දවසේදී සකස් කර ගැනීමේ ඉඩකඩ වෙන්වෙලා පවතිනවා.ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී නම් තරමක් කල්පනාකාරී වෙන්න.වාග් ශක්තිය මුල් කරගෙන බොහෝ ජයග්‍රහණ ඔබ සතු කර ගැනීමේ හැකියාව පවතිනවා.
ජය වර්ණය – ලා නිල්පැහැය ජය අංකය – 07
කන්‍යා ලග්නය

පහුගිය දිනවල පැවති චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව බොහෝ දුරට අවම කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධව පුංචි කලකිරීම් තත්ව ඇති වෙලා තිබුනානම් ඒවා යථාර්තයක් බවට පත් කරගෙන සාර්ථක ප්‍රථිපල නෙලා ගැනීමේ ඉඩකඩ පවතිනවා.දණහිස හා පාද ආශ්‍රිත රෝගී තත්ව වලින්පුංචි බාධාකාරී තත්ව ඇති විය හැකියි.සූරිය පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.
ජය වර්ණය – දීප්තිමත් තැඹිලි පැහැය ජය අංකය – 05
තුලා ලග්නය

රැකී රක්ෂා ව්‍යාපාර ආශ්‍රිත කටයුතු වල දීප්තිමත්භාවයක් ලගා කර ගැනීමේ ඉඩකඩ වෙන්වෙලා පවතිනවා.ගෘහ ආශ්‍රිත කටයුතු වලින් තරමක් දුරස් වෙලා ප්‍රේමනීය සම්බන්ධතා වලින් තරමක් ඈත් වෙලා වෘත්තිමය කටයුතු සාක්ෂාත් කර ගන්න එවැනි කටයුතු දියුණු කරගන්න ඔබ අතිශය කැපවිම්කාරී ලෙස කටයුතු කරන දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්.ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු දියුණු වුවත් මානසික පිඩාකාරී ස්වභාව පුංචි පුංචි අසහනකාරී තත්ව දවස පුරා ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා තියෙනවා.ඒ පිලිබදව කල්පනා කරලා කටයුතු සම්පාදන කර ගන්නවා වගේම මෝර පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්නත් අමතක කරන්නෙපා.
ජය වර්ණය – ලා කොළ පැහැය ජය අංකය – 03
වෘශ්චික ලග්නය

යම් පිඩාකාරී ස්වභාවයක් දවස පුරා විටින් විට ඇති වෙන්න පුළුවන්.කොහොම උනත් ඒ පිඩාකාරී ස්වභාව යටපත් කරමින් ඉදිරියට යන්න නම් ඔබ බොහොම කැපවීමෙන් වගේම ශක්තිමත් අධිෂ්ඨානයකින් යුක්තව කටයුතු කල යුතුයි.රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු ආශ්‍රිත දියුණුවක් අද දවසේදී පහසුවෙන් අපේක්ෂා කරන්න පුළුවන්.ඒ වගේම තමයි ලිපිලේඛණ ආශ්‍රිත කටයුතු පරිපාලන ආශ්‍රිත කටයුතු මානව හිමිකම් ආශ්‍රිත කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන්.තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු යාන වාහන හා සම්බන්ධවන කටයුතු වලින් ඔබගේ ජයග්‍රහණ වඩාත් වර්ධනය වෙනවා.මෝර පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.
ජය වර්ණය – දීප්තිමත් කහ පැහැය ජය අංකය – 08
ධනු ලග්නය

අද දිනය ඔබ හොදින් ජලය පානය කල යුතු දවසක්.ඒ වගේම ආහාර ගැනීමේදීත් තරමක් කල්පනාකාරී වන්න. තමන්ට සැක සහිත කිසිම ස්ථානයකින් ආහාර ගැනීම එතරම් යෝග්‍ය වන එකක් නැ.සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි බාධා ඇති විය හැකියි.ඒ වගේම ජලය පානය නොකිරීම නිසා හට ගන්නා රෝගී තත්වත් අද දවසේ ඇති විය හැකියි.හවුලේ කරන කටයුතු වලින් යම් දියුණුවක් සහනයක් අපේක්ෂා කල හැකියි.වෘත්තිමය හා ව්‍යාපාර කටයුතු පහසුවෙන් දියුණු කර ගන්න වැඩි ඉඩකඩක් පවතිනවා.ජය පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.
ජය වර්ණය – ක්‍රීම් පැහැය ජය අංකය – 07
මකර ලග්නය

ඔබ කරන බොහෝ කටයුතු වලදී ඉවසිලිවන්ත වීම වඩාත් වැදගත් වෙනවා.පොදු කටයුතු හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සම්බන්ධ කටයුතු වලටත් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා.ආහාර ගැනීමේ රටාව කල්පනාකාරීව පවත්වා ගෙන යන්න.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව විටින් විට ඇති වීමේ අවධානමක් පවතිනවා.අවශ්‍ය තැන් වලදී වචන භාවිතා නොකිරීම ඔබට පාඩු සහගත තත්ව නිර්මාණය වීමේ ඉඩක් පෙන්නුම් කරලා තියෙන නිසා කල්පනාකාරීව වචන භාවිතා කරන්නත් අමතක කරන්නෙපා.
ජය වර්ණය – ලා නිල් පැහැය ජය අංකය – 08
කුම්භ ලග්නය

අතගහන බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්න වගේම ප්‍රේමනීය සම්බන්ධ ආශ්‍රිත කටයුතු ගෙවල් දොරවල් යාන වාහන මිලදී ගැනීම් ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් සාර්ථකව ඉටු කර ගන්න පුළුවන්. කොහොම උනත් හිතමිතුරන් සමග කරන කටයුතු වලදී ඉවසිලිවන්තභාවය වගේම කල්පනාකාරී වීම වඩාත් වැදගත් වේවි.මානව සම්පත් කළමනාකරණය ඇගලුම් ක්ෂේත්‍ර ඉදිකිරීම් සම්බන්ධ ක්ෂේත්‍ර වල කටයුතු පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්.
ජය වර්ණය – රන්වන් පැහැය ජය අංකය – 08
මීන

කායික ශක්තිය වර්ධනය කර ගන්නාවූ කටයුතු ලිපි ලේඛන මුද්‍රණ සම්බන්ධ කටයුතු වලින් බොහෝ දියුණුවක් ලගා කර ගන්න පුළුවන්.කල්පනාකාරීව කටයුතු කල යුතුයි.වැඩිහිටියන් සමග වගේම උගත් අය සමග බොහෝ ආශ්‍රයන් ඇති විය හැකියි.
ජය වර්ණය – දීප්තිමත් කහ පැහැය ජය අංකය – 08
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම්ගුණතිලක
දුරකථන අංකය: 0766765353