ලෝකෙම ලංකාව ගැන දැනගත්තේ ක්‍රිකට් වලින්. ඒ 96 යේ ලෝක කුසලානෙන් පස්සේ. කාලෙන් කාලෙට එක එක නායකයෝ අතරෙ නායකත්වය හුවමාරු වෙද්දි, කණ්ඩායමේ ක්‍රීඩකයන් මාරු වෙද්දි වුනත් තමන්ගෙ අභිමාණය අංක එකේ රඳවගෙන හිටපු කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකාව.
හැබැයි දැන් අවුරුදු දෙකක විතර කාලයක ඉඳලා අපේ ක්‍රිකට් කිසිම විදිහකින් විශ්වාස කරන්න බැරි කාලගුණය වගේ. මේ මතය ගැන ලංකාවේ වගේම ලෝකේ එක එක මට්ටම් වල අය පළකරන අදහස් ගැන අපේ කණ්ඩායමටත් ආරංචි වෙලා. ඒ නිසා ලංකාවේ නායක උපුල් තරංග ඊයේ ඔක්කොම මාධ්‍ය ආයතන වලටලියුමක් එවල තිබුනා. ඒකේ තියෙන විදිහට උපුල් අපෙන් බොහොම අහිංසක ඉල්ලීමක් කරල තිබුනා. ” මේ වගේ ලොකු පීඩනයකින් ඉන්න වෙලාවක තමන්ව සහ තම කණ්ඩායමේ ශක්තිය වැඩි කරගන්න එකතු වෙන්න” කියලා. මේ තියෙන්නේ උපුල් ඔබට පෙන්වන්න කියල අපට එවපු ලියුම.