සාමාන්‍යයෙන් ආරක්ෂක තනතුරකට ඉල්ලුම් කරන්නේ විශ්‍රාම ගියපු අයනේ. හැබැයි පොඩි ළමයෙක් ආරක්ෂක තනතුරකට ඉල්ලුම්කරා කිව්වම පුදුමයි නේද. පුදුම වෙන්න දෙයක් නෑ. ඒ කතාව ඇත්තක්. හැබැයි ඉල්ලුම් කරලා තියෙන්නේ එසේ මෙසේ ආරක්ෂක නිලධාරි තනතුරකට නෙවෙයි. පෘථිවි ආරක්ෂක තනතුරට.
ඔබට මතක ඇති අපි ලිපියක් ගෙන අවා පෘථිවි ආරක්ෂක තනතුර ගැන. ඒ තනතුරට මේ වෙද්දීත් ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් එනවා කියලා NASA ආයතනය කියනවා. ඒ එවපු ඉල්ලුම්පත් අතර තමයි මේ පුංචි ළමයගේ අයදුම් පත්‍රය තිබිලා තියෙන්නේ.
අවුරුදු නවයක් වුන “ජැක් ඩාවිස්” තමයි මේ ළමයා. එයාගෙ අයදුම්පත්‍රය දැකලා NASA එකේ අයත් පුදුම වුණා. ජැක් එවපු අයදුම්පතේ මෙහෙම ලියලා තිබ්බා.
“මගේ නම ජැක් ඩාවිස්, මම කැමතියි ග්‍රහලෝක ආරක්ෂණ නිලධාරි තනතුරට අයදුම් කරන්න. මම නවවන වියේ පසු වුවත් මේ රැකියාව සදහා සුදුසු යැයි හිතනවා. මම මේ සදහා ඉල්ලුම් කිරීමට එක හේතුවක් තමයි මගේ සහෝදරිය මම පිටසක්වල ජීවියෙක් යැයි පැවසීම. ඒ වගේම මම අභ්‍යවකාශ සහ පිටසක්වල ජීවීන් පිලිබදව නිර්මාණය වුණු චිත්‍රපටවලින් බොහොමයක් නරඹ තිබෙනවා. මම Marvel Agents of Shield සිනමාපටය නරඹ තිබෙනවා. ඒ වගේම Men ඉන් Black සිනමාපටයද නැරඹීමට බලාපොරොත්තු වෙනවා. වීඩියෝ ක්‍රීඩා කිරීමේදීත් මම විශිෂ්ඨයෙක්. මම තරුණයි. ඒ නිසා මට පිටසක්වළ ජීවියෙක් ලෙස හිතන්න පුළුවන්.
මිට අවංක,
ජැක් ඩාවිස්,
තාරකා මණ්ඩලයේ ආරක්ෂක,
සිව වැනි ශ්‍රේණිය”
NASA ආයතනයේ තාරකා විද්‍යාත්මක අංශයේ අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ජේම්ස් එල්. ග්‍රීන් ජැක්ව දිරිගන්වලා ලියුමක් යවලා තිබ්බා. ඒ වගේම NASA ආයතනයේ ග්‍රහලෝක පර්යේෂණ අධ්‍යක්ෂ, ජොනතන් රාල්ද NASA ආයතනයේ ඉදන්ම ජැක්ට දුරකථන ඇමතුමක් දීලා සුභපතලා තියෙනවා.
පෘථිවි ආරක්ෂක තනතුර ගැන මීට කලින් අපි ගෙන ආ ලිපිය..