News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

442 Views


දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

ඉදිරි දින කිහිපයේ දී (විශේෂයෙන් 09 සහ 10 දිනවල) දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්ත්වයේ සහ දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post