News Line| Off Air
Generic placeholder image

Jul
9

ෆයිසර් එන්නත ලබා දෙන්නේ කාටද?

545 Views


ෆයිසර්  එන්නත ලබා දෙන්නේ කාටද?

ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට ෆයිසර් එන්නත් ලබාදීමට ඉකුත් දිනක කටයුතු කලද එය අත්හිටුවීමට තීරණය කර තිබුණා. ඒ මේ මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත වීම හේතු කොටගෙනයි.

ඒ අනුව පළමු වරට ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති ෆයිසර් එන්නත් ලබාදීමට කටයුතු කෙරෙන අන්දම පිලිබදව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර‍ සිල්වා මහතා පැහැදිලි කිරීමක් කර තිබුණා.

ඒ පිලිබදව අදහස් දක්වමින් යුධහමුදාපති වරයා වැඩි දුරටත් සදහන් කලේ “ෆයිසර් එන්නත මේ ආකාරයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශ රටවල යන්න සිටින ෆයිසර් එන්නත පමණක් ඉල්ලුම් කර ඇති රටවල්වලට යන සිසුන්ට ලබාදෙනවා. ඊට අමතරව ඉතිරි තොගය මන්නාරම ප්‍රදේශයේ ධීවරයින්ට ලබාදීමට තීරණයක් අරන් තියෙන්නේ. මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයක් ගැන කථා කරනවා, ඉන්දියාවෙන් ඒක එයි කියලා කියනවා. එහෙම නම් එන්න තියෙන ආසන්නතම ස්ථානය ඔය ප්‍රදේශය. ධීවරයින් අතර මාරුවීමක් හරි වුණොත් එහෙම. එවැනි තත්ත්වයක් වෙන්න අපි ඉඩදෙන්නේ නෑ. එහෙම තත්ත්වයක් ඇතිවුණොත් කියලා තෝරාගත් එවැනි ධීවරයින් ඇතුළු කණ්ඩායමකට තමයි ෆයිසර් එන්නත මන්නාරම ප්‍රදේශයේ ලබාදීමට කටයුතු කරන්නේ.” යනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post