News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

කාබනික පොහොර නිෂ්පාදනයට වෘත්තිය පුහුණු ආයතනයත් එක්වෙයි

421 Views


කාබනික පොහොර නිෂ්පාදනයට  වෘත්තිය පුහුණු ආයතනයත් එක්වෙයි

රට පුරා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ වී තිබෙන අතර එයට අවශ්‍ය විද්‍යාත්මක සහය වෘත්තිය පුහුණු ආයතනය මඟින් ලබාදීමට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ද එක්වුණා.

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතීන් පසුගියදා කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ හා වරකාපොළ කාර්මික විද්‍යාල පරිශ්‍රයන්හි ආරම්භ කෙරුණු අතර එය ආරම්භ වූයේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරි දැක්ම අනුව වසවිසෙන් තොර සුවපත් ජාතියක් බිහිකිරීමේ පරමාර්ථයයෙන් රසායනික ද්‍රව්‍ය තහනම් කරමින් කාබනික වගාවන් ව්‍යාප්ත කිරීමට ගත් තීරණයට සහය දක්වමින් මෙම ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරයි.


News Articles
Latest Videos
Most Popular Post