News Line| Off Air
Generic placeholder image

Jul
15

නාවලපිටිය නගර සභාවේ බල පෙරළියක්

507 Views


නාවලපිටිය නගර සභාවේ බල පෙරළියක්

නාවලපිටිය නගර සභාවේ බල පෙරළියක් සිදුව තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ බලය අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තමන් සතුකර ගැනීමට සමත්වී තිබෙනවා.

සභාවට සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලක පක්ෂයට සහයෝගය දැක්වු ස්වාධින කණ්ඩායම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමල් ප්‍රියංකර මහතා 5ට7ක් වශයෙන් වැඩි ඡන්දයෙන් සභාපතිවරයා වශයෙන් තේරීපත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post