News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

466 Views


දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවූනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post