News Line| Off Air
Generic placeholder image

Jul
16

මිලියන 40ක් වටිනා මත්ද්‍රවය තොගයක් රේගු භාරයට

382 Views


මිලියන 40ක් වටිනා මත්ද්‍රවය තොගයක් රේගු භාරයට

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා සීදුව ප්‍රදේශය පිහිටි කුරියර් ආයතනයක දෛනික රාජකාරි කරන රේගු තක්සේරු නිලධාරීන් විසින් රේගු අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය යටතේ මත් ද්‍රව්‍ය අඩංගු යැයි සැකපිට පාර්සල් 5 නවතා පරික්ෂා කරන ලදී. නෙදර්ලන්තය හා ඇමරිකාව යන රටවලින් පාර්සල් ශ්‍රී ලංකාවේ පිලියන්දල , ඉංගිරිය ,මිනුවන්ගොඩ ,මාතර හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවලට ව්‍යාජ ලිපින යටතේ ලැබී තිබිණි .

පාර්සල් වල ස්වභාවය සහ ඒවා ලැබී තිබූ රටවල් අනුව ඇති වූ සැකය මත ඒවා පරික්ෂා කරන ලදී . අදාල පරීක්ෂාවේදී සංචාරයන් සඳහා භාවිතා කරන කුෂන් පුටුවක් තුළ සඟවා තිබූ කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 3900 හා ලියුම් කවර තුළ සඟවා තිබූ ගංජා ඇට විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. සොයා ගන්නා ලද කුෂ් ගංජා වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන හතළිහකට ආසන්න වේ.

පාර්සල් ලැබී තිබූ ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේදී එහි සඳහන් පුද්ගලයන් පිළිබඳව කිසිම තොරතුරුක් සොයා ගැනීමට නොහැකි විය. එම නිසා ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අදාල සැකකටයුතු මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් ඉදිරි විමර්ෂන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්ය අංශය වෙත භාර දෙන ලදී .

ඉහත අත්අඩංගුවට ගැනීම් රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරුන් වන C. පෙරිම්පනායගම් හා E. ආනන්ද් ඊශ්වරන් යන මහත්වරුන් ගේ මග පෙන්වීම යටතේ රේගු අධ්‍යක්ෂකවරුන් වන කෝකිලා අල්විස් යන මහත්මියගේ හා සමාජ ආරක්ෂණ ඒකකය අධ්‍යක්ෂක ප්‍රියන්ත සපරමාදු මහතාගේ නියෝග යටතේ නියෝජ්‍ය රේගු රේගු අධ්‍යක්ෂකවරුන් වන අශෝක රත්නායක හා තිලක් වැලිකල යන මහතුන්ගේ සුපරීක්ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන සමින්ද මාරසිංහ , නිර්මලා බානගල , උදය ගාමිණී , හසන්ත ගුරුගේ යන මහත්වරුන් ගේ අධීක්ෂණය යටතේ රේගු තක්සේරු නිලධාරි කමල් සුමනසිරි මහතා හා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී .


News Articles
Latest Videos
Most Popular Post