News Line| Off Air
Generic placeholder image

Jul
18

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

752 Views


දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිරපළාතෙත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, දකුණු, සබරගමුව සහමධ්‍යම පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post