කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරනවා.
ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ජූලි මාසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගේ ප්‍රතිශතය ගණන 19.3% ක් ලෙස වාර්තා වුවත් මේ වන විට එය 75% දක්වා ඉහළ ගොස් ඇති බවයි.