News Line| Off Air| Games
Generic placeholder image

Jan
15

කිලෝ 900 ක කොකේන් විනාශ කරයි. ජනපති, අගමැති බලා හිඳියි.

712 Views


කිලෝ 900 ක කොකේන් විනාශ කරයි. ජනපති, අගමැති බලා හිඳියි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928 ක්, ජනපති හා අගමැතිගේ නිරීක්ෂණය යටතේ විනාශ කිරීම කටුනායකදී ඇරඹේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්ත කොකේන් කිලෝග්‍රෑම් 928 ක් විනාශ කිරීම මීට ටික වෙලාවකට කලින් ආරම්භ කළා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුවල තියෙන පරිශ්‍රයකදී මෙම කොකේන් තොගය විනාශ කෙරෙනවා.

මේ අවස්ථාව නිරීක්ෂණය කරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඇවිත් හිටියා.

පොලීසිය කිව්වේ, මේ කොකේන් තොගය දියර බවට පත්කරල ඊට පස්සේ මුළුමනින්ම දහනය කරන්න පියවර අරගෙන තියෙනවා කියලයි.

2016 අවුරුද්දේ දෙසැම්බර් 9 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් මෙම කොකේන් තොගය අත් අඩංගුවට ගත්තේ කොළඹ වරායට පැමිණි නෞකාවක තිබිලා.

මෙම නෞකාව ඉක්වදෝරයේ සිට බෙල්ජියම හරහා ඉන්දියාවේ මුන්ඩ්‍රා වරාය වෙත යාත්‍රා කිරීමට නියමිතව වෙලා තිබුනා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ආපු තොරතුරකට අනුව නෞකාවේ කොට තොගයක් බහලුමක් පරීක්ෂා කිරීමේදී මෙම කෝකේන් තොගය හොයාගත්තා.

මේ කොකේන් වල වටිනාකම රුපියල් ලක්ෂ 1,620 ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post