News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

රජයේ වෛද්‍යවරු වර්ජනයකට සූදානමින්…

641 Views


රජයේ වෛද්‍යවරු වර්ජනයකට සූදානමින්…

සයිටම් ගැටලූව සඳහා ඉදිරි සතිය තුළදී විසඳුම් නොලැබුණහොත් ලබන 22 වනදායින් පසු පෙර දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

අද රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මේ පිළිබද තීරණය කෙරුනු කරුණු බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සදහන් කලේ.

පසුගිය දෙසැම්බර් මස 31 වනදා වන විට සයිටම් අහෝසි කර ජනතාවාදී විසදුමක් ලබා දෙන බවට වූ පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැති බව අදාළ නිවේදනයේ සදහන්.

එමෙන්ම රජයේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා සංශෝධනය නොකිරිම, සන්නිවේදන දීමනා අඩු කිරීම වැනි ඉල්ලීම් පිළිබද වසරකට අධික කාලයක් තිස්සේ බලධාරීන් දැනුවත් කල බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

සිය ගැටලූ සඳහා තවමත් විසදුම් ලැබී නොමැති බැවින් වර්ජන ක‍්‍රියාවලියකට අවතීර්ණ විය යුතු බවයි එම සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ.

ඒ අනුව සයිටම් අර්බුදය විසඳීම ඇතුලූ සෙසු ගැටලූ සඳහා මෙම සතිය තුළදී විසඳුම් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එසේ නොමැති වුවහොත් සිදු කරන වැඩ වර්ජනයෙන් රෝගීන්ට සිදු වන පීඩාවන් හී වගකීම බලධාරින් භාර ගත යුතු බව ද එම සංගමය නිකුත් කල නිවේදනයේ සදහන්.

සිිය ගැටලූ සඳහා ඉදිරි සතිය තුළදී විසදුම නොලැබුණහොත් ලබන 22 වනදායින් පසු පෙර දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post