මිනිස් ශිෂ්ඨාචාරය ගැන හොයාගෙන යද්දි, අපට මුළු ලොකන්ම මුණගැහෙන පැරණිම ශිෂඨාචාරය හම්බවෙන්නෙ ශ්‍රී ලංකාවෙන්. ඒ බලංගොඩ ප්‍රදේශයෙන්. ඉතිං මේ ප්‍රදේශයේ තමයි ලෝකෙ හිටපු පැරණිතම හා දියුණුතම ශිෂ්ඨාචාරය තිබුනා කියල හොයාගෙන තියෙන්නෙ.
මේ අතරේ බලංගොඩ ප්‍රදේශයේ කැණීම් කටයුතු කරන මහාචාර්ය රාජ් සෝමදේව මහතා, මේ ශිෂ්ඨාචාරය ගැන තවත් අළුත්ම දෙයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි මීට අවුරුදු 6000 කට විතර කලින් බලන්ගොඩ අවට ගුහා ආශ්‍රිතව හිටපු මානවයන් ගැන. මේ මානවයෝ එකිනෙකා අතර අන්තර් සබඳතාවය පවත්වාගෙන ගියපු ගුහා 18 ක් මේ වෙන කොට ඔහු එක්ක ඔහුගේ කණ්ඩායම විසින් අඳුරගෙන තියෙනවා. ඒත් තව මේ වගේ තවත් ගල් ගුහා 2 ක් විතර මේ අවට තියෙන්න පුළුවන් කියලත් එයාල විශ්වාස කරනවා.
මේ සැරේ ඔහු කැණීම් කටයුතු කලේ වැලිගල්පොළ , ඉලුක්කුඹුර ලුණුගල් ගුහාව කියන හරියෙ. ඒ හරියේ කැණීම් වලින් ගල් ආයුධ, ශරීරය හැඩ කරගන්න පාවිච්චි කරපු රූපලාවන්‍ය උපකරණ වගේම ආදී මානවයෝ ආහාරයට ගත්ත ධාන්‍ය ඇට වල කොටස් වගයකුත් හොයාගෙන තියෙනවා.
මහාචාර්යවරයා විශ්වාස කරන්නෙ, බලන්ගොඩ කැනීම් කරපු කිලෝමීටර් 25 ක ප්‍රදේශයක මේ විදිහෙ ජනපද 20 ක් ලඟ ලඟ තියෙන්න ඇති කියලා.
කොහොම වුනත් තවදුරටත් මේ හරියේ කැණීම් පුළුල් කරලා ඊට වඩා තොරතුරු කියන්න තමන් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් රාජ් මහතා කිව්වා.