News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

බදු අඩුවෙයි, Data වැඩිවෙයි….

908 Views


බදු අඩුවෙයි, Data වැඩිවෙයි….

ගොඩක් දවස් ඉඳලා බදු වලට බැන බැන හිටපු ඔබට ඔන්න දැන් ඒ බැනිල්ල නවත්තන්න වෙලාව හරි. ඒ මොකද කියනවනම් ඊයේ මධ්‍යම රාත්‍රියෙ ඉඳන් සහ සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා ගොඩාක් බදු වර්ග අඩු කරල තියෙනවා. මේ අඩු කරපු බදු වර්ග මොනවද, ඒවයින් වෙන වාසි මොනවද කියල ඔබට සියත 24 වෙතින් ගේන්න අපි තීරණය කලා. ඒවා විස්තර සහිතව, තේරෙන විදිහට පහලින් දක්වලා තියෙනවා.

1) මෝටර් බයිසිකල් – 150 CC අඩු ධාරිතාවයෙන් යුතු ඒවට ආනයනික බදු මුදල 90% කින් පහළ දමා තිබෙනවා. අදාල බදු මුදල තීරණය කරන්නේ එන්ජිමේ ධාරිතාවය අනුව. විශේෂයෙන් අදාල වන්නේ ජපන් මෝටර් බයිසිකල් සඳහා වන අතර (2017 අගෝස්තු 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා.

2) කුඩා ලොරි රථ සහ සින්ගල් කැබ් රථ සඳහා පවතින බදු මුදල රුපියල් ලක්ෂ 03 කින් පහත දමා තිබෙනවා.

3) පෙර ගෙවුම් අන්තර්ජාල සඳහා පනවා තිබූ  10% ක විදුලි සංදේශ බද්ද 2017 සැප්තැම්බර් 01 සිට ඉවත් කර තිබෙන අතර පවතින ඩේටා පැකෙජය සඳහා අමතර 10% ක ඩේටා පහසුකම් එකතු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post