News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

අද ලග්න 4 කට අසුභයි. වැඩි විස්තර මෙතනින් බලන්න.

4141 Views


අද ලග්න 4 කට අසුභයි. වැඩි විස්තර මෙතනින් බලන්න.

රාහු කාලය පෙ.ව 10.43සිට12.15

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව ගිනිකොණ

 

 

මේෂ ලග්නය

තරමක අවේගකාරී සිතුවිලි වගේම ජයග්‍රහණය අපේක්ෂා කරන බොහෝ කටයුතු කෙරෙහි ඔබ වැඩි අවධානයක් යොමු කරනවා. දැනුම මුල් කර ගත්ත කටයුතු ඒ වගේම තරගකාරී කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන්. අලුත් යාන වාහන මිලදී ගැනීමට වගේම ඉඩකඩම් මිලදී ගැනීමටත් අද දවස යෝග්‍යයි. රැකී රක්ෂා කටයුතු වල දියුණුවකුත් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.

ජය වර්ණය ලා කහපැහැය                        ජය අංකය 08

 

වෘෂභ ලග්නය

ඔබ බොහොම වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරන දවසක්. අලුත් ආරම්භයන් සනිටුහන් වන ඔබ කරගෙන ආ කටයුතු වල දීප්තිමත්භාවය ලගා කර ගන්න දිනයක්. කායික ශක්තිය වගේම මානසික ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පවත්වා ගෙන යා හැකියි. විදේශගත වීමේ සිහින පවා සැබෑ කර ගන්න පුළුවන්.

ජය වර්ණය ලා දම්පැහැය                         ජය අංකය 03

 

මිථුන ලග්නය

මානසික සුවතාවය අපේක්ෂා කරන කටයුතු වලට ඔබ ඉතාමත්ම යෝග්‍යයි. වචන භාවිතා කරන වෘත්තීන් වල කටයුතු කරනවානම් තරමක් කල්පනාකාරී වෙන්න. ඔබගේ පෞරුෂය නිසාම ඔබ තරමක ආවේගශීලි ගතියකින් යුක්තව වචන භාවිතා කිරීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසාම තරමක බාධා කම්කටොලු ඇති වෙන්න පුළුවන්. ඔබගේ වියදම් පාර්ශවයත් තරමක් ඉහල යා හැකියි. බොහෝ සෙයින් කල්පනාකාරීව දිනය ගත කරන්න. වැටකෙයියා පදුරකට වතුර ස්වල්පයක් වත් කරලා දවස පටන් ගන්න.

ජය වර්ණය විසිතුරු පැහැය                      ජය අංකය 05

 

කටක ලග්නය

කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම මානසික පිඩාකාරී ස්වභාව හිසේ බර ගතිය වගේ ගති ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. අත්හැරලා දාපු කටයුතු යලි ආරම්භ කරන්න දරන උත්සාහය යම් ආකාරයකට ව්‍යර්ථ වෙනවා. ඒ නිසාම මුදල් පසුම්බිය පිලිබදව සැලකිලිමත් වන්න.තීන්දු තීරණ නිතර වෙනස් කිරීම නම් එතරම් යහපත් වෙන එකක් නෑ.අවට හිටපු යාලු හිතමිතුරන් පවා වෙනස් වීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා තියෙනවා. සූරිය පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.

ජය වර්ණය තද කහ පැහැය                      ජය අංකය 07

 

සිංහ ලග්නය

බොහොම වික්‍රමාන්විත ලීලාවෙන් තමයි ඔබ කටයුතු කරන්න උත්සාහ කරන්නේ. පාද ආශ්‍රිත රෝගී තත්වයන් රෝගී තත්ත්ව ඔබටත් ඇතිවීමේ ඉඩකඩ වෙන් වෙලා පවතිනවා.කොහොම උනත් වචන භාවිත කිරීමවලින් අන් අයව වසඟ කර ගැනීමේ හැකියාව තවත් ඉතාමත් යහපත් මට්ටමක පවතිනවා. අද දවසේ කටයුතු සම්පාදනය කර ගනිද්දී ඔබගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමත් අතිශය අත්‍යවශ්‍ය වෙනවා. හැකියාවක් පවතිනවා රෝගාබාධ සහිත පුද්ගලයකුට ආහාර පාර්සලයක් ලබාදීලා දවසේ කටයුතු ආරම්භ කරන්න.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 03

 

කන්‍යා ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිළිබඳව වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ හරහා උසස් නිලධාරීන්ගේ ආශිර්වාදය බොහොම පහසුවෙන් ඔබට නෙළා ගැනීමේ හැකියාව පවතිනවා. ස්ථාවරත්වය  ආදී කටයුතුවලට වගේම ව්‍යාපාර ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලටත් ඉතාම යෝග්‍ය දවසක්. දවසේ කටයුතු ආරම්භ කරන්නට පෙර මෝර පිරිත වරක් හෝ සජ්ඣායනා කරල මෝර පිරිත වරක් හෝ ශ්‍රවණය කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න.

ජය වර්ණය විසිතුරුපැහැය                        ජය අංකය 07

 

තුලා ලග්නය

රැකීරක්ෂා ව්‍යාපාර කටයුතු ආශ්‍රිතව නම් යහපත් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු ඉන්ජිනේරු සේවා ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු වලත් ඉතාමත් දීප්තිමත් භාවයට පත්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම දුර බැහැර ගමන් නාවුක ගමන් ගුවන් යාන ආශ්‍රිත ගමන් වලිනුත් බොහෝ වාසි සහගත තත්වතුලා ලග්නයෙන් උපන් ඔබට උදා කරගන්න පුළුවන්.

ජය වර්ණය ලා රතුපැහැය                        ජය අංකය 06

වෘශ්චික ලග්නය

 

රැකීරක්ෂා ව්‍යාපාර කටයුතු ආශ්‍රිතව නව දියුණුවක් ඔබට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිතය පිළිබඳව අලූත් බලාපොරොත්තු සහගත තත්ත්ව ඇති වෙනවා. පෙර පින ඉස්මතු වෙනවා. කාලයක් මුළුල්ලේ අතැරලා දාලා තිබුණු කටයුතු එය හරහා යළි ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. පුණ්‍ය ස්ථානයක් ආශ්‍රය කරගෙන බොහෝ කටයුතු සම්පාදනය කිරීම වලට ඔබට සහභාගි වෙන්න සිද්ධ වෙනවා කියා තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. හිසේ බර ගතිය හිසේ කැක්කුම් රෝගී තත්ව ඇතිවෙන්න පුළුවන්. ඔබේ ළඟම පිහිටි විහාරස්ථානයේ බෝධීන් වහන්සේට බෙහෙත් පැන් වීදුරුවක් සමග බෝධි පූජාවක් පවත්වන්න බොහෝ ජයග්‍රහණ ඔබ සතු කරගන්න පුළුවන්.

ජය වර්ණය දීප්තිමත් කොළපැහැය                        ජය අංකය 02

 

ධනු ලග්නය

ජීවිතය පිළිබඳව අලූත් බලාපොරොත්තු ඇතිකර ගන්නට යහපත් දවසක් නම් නෙවෙයි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ත්ව සියුම් වගේම සතුරු කරදර කාරී තත්ව ඔබට ඇතිවීමේ අවධානමක් පවතිනවා. යන එන ගමන බිමන රැකී රක්ෂා කටයුතු වගේම සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වෙනවා. ණය මුදල් ලබා ගැනීමට යහපත් දවසක් නොවන වග අනිවාර්යෙන් අපි ඔබට මතක් කර දෙනවා. ලගම පිහිටි බෝධීන් වහන්සේට වැටකෙයියා මලක් පුජ කරලා බෝධි පුජාවක් පවත්වන්න.

ජය වර්ණය විසිතුරු පැහැය                       ජය අංකය 03

 

මකර ලග්නය

ඔබට විදේශ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පවතිනවා. රාජ තාන්ත්‍රික නිලධාරීන්ගෙන උදව් උපකාර ඉල්ලා ගැනීමේ හැකියාව වාසනාව අද දවස තුල නිර්මාණය වෙනවා කියල තමයි පෙන්නුම් කළ තියෙන්නෙත්. ජීවිතය  පිළිබඳව අලුත් බලාපොරොත්තුවකින් අලූත් කෝණයකින් හිතන්න පෙළඹෙනවා. ප්‍රේමනීය සම්බන්ධතා විවාහ සම්බන්ධතා වල ස්ථාවරකම් පවා වෙනස් වීමේ සම්භාවිතාවක් පවතිනවා. ළඟම විහාරස්ථානයක බෝධින් වහන්සේට පැන් කල 3ක් පූජකරලා දවසේ කටයුතු ආරම්භ කරනන.

ජය වර්ණය ලා කහපැහැය                       ජය අංකය 03

 

කුම්භ ලග්නය

ඔබේ කටයුතු සාර්ථක කරගන්න ශක්තියක් ධෛර්යයක් ඔබට හිමි වෙනවා. සියුම් සතුරු කරදර චිත්ත පීඩා පිහිටා තිබුණ නම් ඒ පිළිබඳව නිවැරදිව දැන කියා ගැනීමේ හැකියාව ඔබට එරෙහිවන සතුරු කරදර යටපත් කර ගැනීමේ හැකියාව අද දවසේ පවතින ග්‍රහ සිත්තම අනුව ඔබට උදා වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍ර කටයුතු මානව සම්පත් ආශ්‍රිත කටයුතු වගේම පරිපාලනය සහ දැනුම මුල්කරගත්ත කටයුතුවලින් බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව කුම්භ ලග්නයෙන් උපන් ඔබට උදා වෙලා පවතිනවා. ඡන්ද පිරිත වරක් හෝ සජ්ඣායනා කරන්න ඡන්ද පිරිත වරක් හෝ ශ්‍රවණය කරන්න.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 08

 

මීන ලග්නය

හවුල් ව්‍යාපාර ප්‍රේමය සම්බන්ධ ආශ්‍රිත කටයුතු වලින් හෝ දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. අධ්‍යාපනික ක්ෂේත්‍ර කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ත්වය ඇති වුණත් ව්‍යාපාරික සහ තරගකාරී කටයුතුවලින් ඔබට ඉතාමත්ම යහපත් මට්ටමක් උදාකර ගැනීමේ ඉඩකඩ මේ හරහා වෙන් වෙනවා. ඒ නිසා ඔබගේ අධ්‍යාපනික සහ වෙලද ව්‍යාපාරික කටයුතු පිළිබඳව වෙනදාට වඩා වැඩි උනන්දුවක් දැක්වීම වඩාත් වැදගත් වෙනවා. කොහොම හරි ගෘහාශ්‍රිත කටයුතු වගේම විදේශගත සම්බන්ධතා අවශ්‍ය කටයුතු වල දියුණුව අපේක්ෂා කරන්න පුළුවන්. පරිපාලන හැකියාවත් ඉතාමත් උසස් මට්ටමක පවතිනවා වැඩිහිටි ඥාතින්ගෙන් උදව් උපකාර පවතිනවා.

ජය වර්ණය ලා රතුපැහැය                        ජය අංකය 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 6765353


News Articles
Latest Videos
Most Popular Post