කල් යල් මැනලා හතරක් ගැහුවම, ඉස්සරහට පැනලා හයක් ගැහුවම, 50ක් 100ක් ගැහුවම, දාන බෝලෙට විකට් එකක් ගියාම ඇඟට එන kick එකට ජාත්‍යන්තර පිටියේ වගේම ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ පිටියේත් හැමෝම පොඩි add එකක් දානවා.
ඒ කෙනා අපේ කෙනෙක් නම් ඒක මාර add එකක්. හැබැයි ඒ කෙනා අනිත් පැත්තේ නම් බොරු show. ඉන්දියාවේ නායක විරාත් කොලිටත් අපේ අය අකමැති ඒ නිසා කියලයි අපිට නම් හිතෙන්නේ. ඒ කොහොම වුනත් කෝලි කියන්නේ වැඩ කරුවෙක්.
මේ දවස් වල කෝලි ඉන්නේ ලන්කාවෙනේ. ඉතිං හැමතැනම ඇවිදින්න යන එක තමයි කෝලිගේ වැඩේ. කොටින්ම කියනවනම් කෝලි ලංකාවට වහ වැටිලා. අපි නෙවෙයි කොලිමයි එහෙම කිවුවේ.
ගාල්ලෙ සුන්දරත්වයට මම වශී වුණා.ලංකාවේ නවතින්න හිතුනා කෝලි මෙහෙම Tweet කරලා තිබුණා.
ලංකාවේ සුපිරිම හෝටලයකින් නාගෙන… ගාලු කොටුවේ ගල් බැම්මේ වැඩිවෙලා…selfie ගහපු කෝලි ලංකාව ගැන මුළු ලෝකෙටම පෙන්න මෙහෙම කිවුවා.
මොකද කියන්නේ මේ Video එක බලලාවත් කෝලිට සාප කරන එක නවත්තමුද?
https://www.youtube.com/watch?v=0ryj-gxUz1E
