අද දවස එනකන් ගොඩක් දෙනා බලන් හිටියා. විශේෂයෙන්ම ජෝතිෂ්‍යයත් එක්ක තමන්ගෙ දවස පටන්ගන්න අය. ඒ මොකද කියනවනම් අවුරුදු 18 කට පස්සෙ ජෝතිෂ්‍යය අනුව විශේෂ ග්‍රහමාරුවක් අද උදේ 5:44 ට සිද්ධ වුනා. ජෝතිෂ්‍යවේදීන් නම් කියන්නෙ රාහු කේතු සංක්‍රාන්තිය සිද්ධ වුනා කියලා.
මේ ග්‍රහ මාරුවෙදී ලංකාවේ වගේම ලොකේ බොහෝ දේවල් වල අළුත් වීම් වගේම වෙනස්වීම් අද ඉඳලා සිද්ධ වෙනවා. මේ වෙනස් වීම ඔබේ ලග්නයට, ජීවිතයට බලපාන්නෙ කොහොමද කියල සියත 24 න් හොයලා බැලුවා. මේ වැඩේට අපි සම්බන්ධ කරගත්තෙ ප්‍රවීණ ජෝතීර්වේදී, ව්‍යාපාරික ජෝතිෂ්‍ය උපදේශක කැළුම් ගුණතිලක මහත්මයව.
කැළුම් මහත්මයා, මේ ග්‍රහමාරුව ගැන ලග්නයෙන් ලග්නයට ඔබ වෙනුවෙන්ම කරපු විග්‍රහය පහතින් බලන්න.
මේෂ ලග්නය
මානසික තත්වයට යම් අශුභ පෙරනිමිති.මවු පියන් සමඟ කටයුතු කිරීමේදී සහ ඉඩම් සම්බන්ධ කටයුතු වලදී යම් ඉවසීමකින් කටයුතු කරන්න. අළුත් ආදායම් මාර්ග විවර කරගන්න යහපත් කාලයක්. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
වෘෂභ ලග්නය
ශරීර සෞඛ්‍ය යහපත් අතට හැරේ. සතුරු කරදර සහ බාධක සියල්ල යටපත් කරගෙන ජවසම්පන්නව ඉදිරියට යාමට වාසනාව ලැබෙනවා. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
මිථුන ලග්නය
නිශ්ඵල වියදම් ඉහල යන තත්වයක් පෙන්නුම් කරනවා. හදීසි ධන ලාභ ලැබීමටත්, ක්ෂණික ලොතරැයි දිනුම් අවස්ථා වලට ඉඩ තිබෙනවා. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
කටක ලග්නය
අතහැරලා දාල තිබුන බොහෝ කටයුතු ආපහු පටන්ගන්න හොඳ කාලයක්. දේශපාලන සහ සමජ කටයුතු වලට යහපත් කාලයන් නෙවෙයි.ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
සිංහ ලග්නය
විදේශගත වීමේ සිහින සැබෑ කරගන්න පුළුවන් කාලයක්. නෑදෑයන්ගේ අවලාද වලට ගොදුරු වෙන්න පුළුවන් කාලයක්. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
කන්‍යා ලග්නය
මන්දගාමී ආර්ථික තත්වය යහපත් තත්වයකට පත් වෙන කාලයක්. මානසික තත්වය යහපත් වෙන කාලයක්.ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
තුලා ලග්නය
අළුත් ආරම්භයට යහපත් කාලයක් නෙමෙයි. වියදම් ඉහල යන කාලයක්. රැකියා ස්ථානයෙන් මාරුවක් ගැනීමට සුදුසු කාලයක්.ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
වෘශ්චික ලග්නය
රැකි රක්ෂා, වෙළඳාම් කටයුතු වල කාර්යබහුල තත්වයක් පෙන්නුම් කරනවා. අන් අයගේ ඇප වලට අත්සන් කිරීමට සුදුසු නැති කාලයක්. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
ධනු ලග්නය
වෙනදට වඩා සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. පොත්පත් ආශ්‍රිත කටයුතු වල නියැලිලා ඉන්න අයට වාසි සහගත කාලයක්. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
මකර ලග්නය
හවුල් ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලබාගන්න පුළුවන් කාලයක්. ප්‍රේමණීය හා විවාහ සම්බන්ධතා වලට බාධාකාරී තත්වයන් පැමිණිය හැක. නිශ්ඵල වියදම් වැඩි විය හැකි කාලයක්. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
කුම්භ ලග්නය
අළුත් ආරම්භයක් ලබාගන්න සුදුසු කාලයක් උදා වෙලා තියෙනවා. හිතේ හැටියට හම්බ කරන්න වගේම වියදම් කරන්නත් ලැබෙන කාලයක්. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.
මීන ලග්නය
ජයග්‍රනණ අත්පත් කරගන්න පුළුවන් කාලයක්. ප්‍රේමණීය සම්බන්ධතා වලට අයහපත් කාලයක්. දරු සුරතල් බලාපොරොත්තුවෙන් හිටියනම් ඒවා ඉටු කරගන්න පුළුවන් කාලයක්. ඔබේ ලග්නය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.