අද 2017 අගෝස්තු මාසයේ 19 සෙනසුරාදා
රාහු කාලය: පෙ.ව 09.09 සිට 10.41
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලී බවින් යුතුව අද දිනයේදීඋදෑසන කාලයේ කටයුතු කරත් සවස් යාමයේ තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි.බොහෝ විට කලක් කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට යැවීමක් හෝ ඔබ ඉදිරිපත් වී කරන කටයුතුවලින් වාසි දායක තත්වයක් ලැබිය හැකියි.බොහෝ විට අන්‍යන් සඳහා කැපවී ක්‍රියා කිරීමට ඔබට හැකියාව පවතිනවා.සිතට සතුටු වන කරුණු නැගේවි. අලුත් අදහස් මතු වූවත් ඒවා ක්‍රියාත්මක කරගැනීමට හවස් යාමයේ තරමක් දුරට බාධා විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
ජය වර්ණය: දම්පැහැය ජය අංකය: 01
වෘෂභ ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු බොහෝ විට ක්‍රමානුකූලව එලි දැක්වීමට ඔබට හැකියාවක් තියෙනවා. කලාත්මක කටයුතු අලංකාර කටයුතු කෙරෙහි සිත යොමුවනවා.ඒ වගේම ඔබ අන්‍ය විරුද්ධ ලිංගිකයින්ගෙන් අද දිනයප්‍රවේසම් යුතුයි. මන්ද නොයෙකුත් ප්‍රශ්න ගැටළු ඔබමතට පැටවීම නිසා. පවුලේ ප්‍රශ්න මතු වීමට ඉඩ තිබෙන නිසා පෙම් සම්බන්ධතා වලින්සිත් රිදවීම් මතු වීමට ඉඩ තිබෙන නිසා කල්පනාකාරී විය යූතුයි. අනවශ්‍ය පැටලිලිනිසා ඔබට ක්ෂණික තීරණ ගැනීමට ඉඩ තිබෙනවා.ඒ වගේම බුද්ධිමත්ව තීරණ ගැනීමට අපහසු නිසාම ඔබ කරදරවලට පැටලීමට ඉඩ තිබෙනවා.එබැවින් බුද්ධිමත් තීරණ ගන්න වග බලා ගන්න.
ජය වර්ණය: දම්පැහැය ජය අංකය: 06
මිථුන ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩකටයුතු ඉදිරියට යාමක් ක්‍රමානුකූලව සාර්ථකත්වය බලපාන අතර මංගල ගමන් බිමන් වැඩි වේවි.පෙම් සම්බන්ධතා වැඩි දියුණු වෙවී. ඒ වගේම අනවශ්‍ය මංගල කරුණු වලදී සිත් තැවුල් ඇතිවීමට ඉඩ තිබෙන නිසා කල්පනාකාරී විය යුතුයි. අලුත් අලුත් අය ගෙදරට පැමිණෙන අතර හිතවතුන් හා එකමුතුවී සංග්‍රහයක් භුක්ති විදීමට හෝ මංගල්‍යය ගමන් බිමන් උත්සව අවස්ථාවන්ට සහභාගි වීමට ඇති ඉඩ තිබෙන්න බවයි පෙනෙන්නේ.නව අදහස් ක්‍රියාත්මක වන දිනයක්.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 05
කටක ලග්නය

වෙනදාට වඩා ඉක්මන්කාර බවත් ක්ෂණික තීරණ ගැනීමට ඉඩ තිබෙනවා. බොහෝ විට කරගෙන ආ වැඩකටයුතු වෙනස් කිරීමට හෝ බාධාවක් ඇති වීමටද ක්ෂණික තීරණ හෝ තමන්ගේ හිතවතෙකු ඈත් වීමක් හෝ බලකිරීමකින් මෙන් කටයුතු කිරීමට ද ඉඩ තිබෙනවා.ඔබ ඉක්මන් වුනොත් අද දවස අසාර්ථක වේවි.එබැවින් බොහෝ විට කල්පනාව හා බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.මන්ද ඔබ ළඟට පැමිණෙන අය ඔබටමප්‍රශ්න ඇති කරන නිසා අද දිනය ඔබගේ දවසක් යයි සිතාගෙන ඔවුන්ට සංග්‍රහ කරන්න. ඒ වගේම හිතවත් කමින් යුතුව වැඩ කටයුතු කිරීමට වගබලාගත යුතුයි. නැතිනම් ඔබට සුළු සුළු සිත්තැවුල් බාධක ඇති වේවි. ඔබ දුර බැහැර ගමන් රටින් පිට වී නැත්නම් අද දිනය තුලදී සවස් යාමයේ ඒ ගැන සිතා බලා කටයුතු කරන්න.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලී බව නිසාම අද දිනයේ ඔබට සාර්ථක දිනයක්.ඒ වගේම අතමිට මුදල් සරු නොවූ ව්‍යාපාරිකයින්ට වාසිදායක තත්වයක් ද අලුත් අලුත් අය හිතවත්ව කටයුතු කිරීමටද ඉඩ ලැබෙන දිනයක්. ඒ වගේම අධ්‍යාපනයේ නව තාවයක්යක් ඇති වෙනවා. අලුත් අදහස් මතු වෙනවා.ගෙදරදොර වටපිටාව සහ දැඩි වගකීමක් හෝ නීතිමය කටයුතුවලට සාර්ථකත්වය ලැබෙන දිනයක්.නඩු හබ ඇති අයට වාසිදායක තත්වයක් ඇති වෙනවා. හදවත් ඇති ජය වර්ණය: දම්පැහැය ජය අංකය: 05
කන්‍යා ලග්නය

බොහෝ විට උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් හා පෙරමුණ ගැනීමේ හැකියාවක් තියෙනවා.ඒ වගේම කලාත්මක කටයුතු වැඩි වෙන දිනයක්.ඒ වගේම කලාත්මක කටයුතු කරන්නන්ට යහපත් වූ ප්‍රථිපල අත්කර දෙන අතර හෝටල් ව්‍යාපාර ඒ සම්බන්ධ කටයුතු කරන්නන්ට අද දිනය තුලදී ලැබීම අතින් යහපත් වෙනවා.එවැනි දෙයක් ආරම්භ කිරීමෙන් අද දිනය තුලදී යහපත් උදා කරනවා.ඒ වගේම මංගල්‍යමය ගනුදෙනු වලදී සාර්ථකත්වය ලැබෙන අතර පවුලේ අභිවුර්ධිය තකා කරන කටයුතු සාර්ථක වේවි.දරුවෙකුගේ කටයුතු ක්‍රමානුකුලව කර ගැනීමේ හැකියාව තියෙනවා.දරුවන් අතර සමගිය වර්ධනය වේවි.
ජය වර්ණය: කහපැහැය ජය අංකය: 02
තුලා ලග්නය

උත්සහය උනන්දුව ක්‍රියාශීලී බවක් තියෙන අතර රැකියාවේ ස්ථාන මාරුවක් හෝ අලුත් තැනකට යාමට ස්ථාන මාරුවකට ඉඩ ඇති දිනයක්. ඒ වගේම මෙතෙක් කලක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට යොමු වීමක්ද තමන්ගේ පුණ්‍යකාමී සිතුවිලි තුලින් ඔබට යහපත් මාර්ගයක් ගැනීමටද ඉඩ වැඩි දිනයක්.තමාගේ පරාර්ථකාමී බවක් තියෙන නිසාම ඒ අය හා හොදින් කටයුතු කිරීමට හැකියාවක් තියෙනවා.අධ්‍යාපනයේ අලුත් තත්වයක් උදා වේවි. ගෙදරදොර කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් තිබෙන අතර උදරාබාධ උෂ්ණ රෝග ඇති අයට අද තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 02
වෘශ්චික ලග්නය

ලැබීම අතින් යහපත් වෙනවා.අලුත් අදහස් මතු වෙනවා.කරගෙන යන වැඩ කටයුතු නොයෙක් අන්දමින් සාර්ථක වෙනවා.ඒ වගේම ඔබ ජලයෙන් රැකියාව කරන්නෙක් නම් ජලය ඇති තැන නිතර ගැවසෙනවා නම් ජලයෙන් ප්‍රවේසම් වන්න.ඒ වගේම විනෝද චාරිකා දුර බැහැර ගමන් බිමන් යන්නන් වතුරේ බැසීමෙන් වැව් ගන්තොටවල් වල නෑමෙන් ප්‍රවේසම් විය යුතු දිනයක්.පාද ආශ්‍රිත රෝගාබාධ ඇති අය නිධන් ගත රෝග ඇති අය අද දිනය තුලදී ගන්නා වූ අහාර පාන වලින් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය: දම්පැහැය ජය අංකය: 06
ධනු ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බවක් ඇති නිසාම අද දිනය ඔබට සාර්ථක කර ගැනීමට හැකියාවක් පවතිනවා.නව අදහස් නව තීරණ ගැනීමට හැකියාවක් පවතිනවා.රැකියාවේ අලුත් තත්වයක් ඇති වේවි. ඒ වගේම මිල මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතිනවා.මංගල්‍යමය ගමන් බිමන් වැඩියි.ආදර සම්බන්ධතා පෙම් සබදතා වැඩි දියුණු වෙනවා.බොහෝ විට ඔබට විරුද්ධ ලිංගිකයන් අතර ප්‍රතිචාර වැඩි වේවි.අවිවහකයින්ට අද දිනය සුභදායකයි.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 05
මකර ලග්නය

ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ගැනීමේදී ප්‍රවේසම් විය යුතුයි.ගෙදරදොර වාතාවරණය එතරම් යහපත් සුභවාදී වන්නේ නෑ.අද දින ඔබ ඉක්මන්කාරී බවකින් යුතු නිසා අන් අයගේ ගැටළු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම මෙතෙක් කලක් කරගෙන ආ ව්‍යාපාර කටයුතු අසාර්ථක වීමක් හෝ සුළු සුළු පාඩු හානි වීමට ඉඩ තිබෙන නිසා වඩාත් සැලකිලිමත් වන්න.අද දිනය තුලදී ඔබ වාහන ලාභියෙක් නම් රිය පැදවීම් තුලින් ප්‍රවේසම් වන්න. ආගමික නැඹුරුතාවයක් ඇති දිනයක්.ඉවසීම පුරුදු කර ගත යුතුයි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 09
කුම්භ ලග්නය

අලුතෙන් යමක් මිලට ගන්න ගේදොර මිලට ගන්න වාහන මිලට ගන්න ඔබට හැකියාවක් පවතිනවා. ඒ වගේම දරුවෙකු වෙනුවෙන් සාර්ථක විය හැකි දිනයක්.ඔබට අද උත්සව අවස්ථාවකට සහබාගි වෙන්න හෝ වැඩ කටයුතු කීපයක් කර ගන්න හැකියාවක් පවතිනවා.පවුලේ තිබුන වූ මතභේද ගැටළු ඒවා සාර්ථකව විසදා ගැනීමට ඉඩ තිබෙන අතර නීතිමය ගැටළු වලින්ද යහපතක් ඇති වෙනවා.ව්‍යාපාරිකයන්ට නම් සුළු සුළු බාධා තිබෙන නිසා ඉවසිලිවන්තව කටයුතු කරන්න.මිල මුදල් සම්බන්ධයෙන් සවස් යාමයේ යහපත් ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් තියෙනවා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 06
මීන ලග්නය

නව අදහස් මතු වේවි.වරින් වර ගොඩනැගෙමින් පැවති කටයුත්තක් සාර්ථක කර ගැනීමට ඔබට අද හැකියාවක් තියෙනවා.ඒ වගේම ගෙයක් දොරක් වාහන ලාභයක් නිසා අතමිට මුදල් ගැවසීම නිසාත් අද දිනයේ සතුටුදායක දිනයක්.ඔබට තිබුන වූ සතුරු කරදර අඩු කර ගනිමින් හා ඔවුන්ට වැරදි අදහස් දීම තුලින් තිබුන වූ බාධක ඉවත් කරගෙන ඔවුන්ව යහපත් මාර්ගයට ගැනීමට ඔබට අද හැකියාව ලැබෙනවා.ගමන් බිමන් වැඩි වේවි.
ජය වර්ණය: තද දම්පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය:0112509386