ගුරුවරු දණ ගස්සන එක දැන් ලංකාවේ දේශපාලනඥයින්ට පුරුද්දට ගිහින්. ඊයේ පෙරේදාත් උෟවේ මහ අැමති විදුහල්පතිනියක්ව දණ ගස්සලා තිබ්බා.
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය තමයි මේ ව්දියට දණ ගස්සලා තිබ්බේ. එතුමිය ඊයේ පොලීසියට මේ ගැන පැමිණිල්ලක් දැම්මා. එ් ගැන කටඋත්තරයක් දෙන්න උෟවේ මහ අැමති චාමර සම්පත් දසනායක බදුල්ල පොලීසියට අාවා.
නීතීඥයෙක් මාර්ගයෙන් බාර වුන ඔහුව බදුල්ල පොලීසිය අත්අඩංගුවට ගත්තා. පහුගිය දවස් කිහිපයේම එතුමව අත්අඩංගුවට ගන්න කියලා රට පුරා උද්ඝෝෂණ කරා.