News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

කාලගුණය අායෙත් වෙනස් වෙයි. ධීවරයින්ට අනතුරු අඟවයි.

780 Views


කාලගුණය අායෙත් වෙනස් වෙයි. ධීවරයින්ට අනතුරු අඟවයි.

මේ දවස් ටිකේම ලංකාවේ කාලගුණය කිසිම සද්දයක් බද්දයක් නැතුව හිටියා. හැබැයි අායෙත් කාලගුණය අවදි වෙන්න යවනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා.

ඉදිරි දින වලදී නැගෙනහිර සහ උෟව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි අැති වෙන්න පුළුවන්. එ් වගේම හවසට ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පොඩි වැස්සක් වැටෙන්නත් පුළුවන්ලු.

අඩු පීඩන තත්වයක් නිසා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 අතර වේගයක් ගන්නවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු අඟවනවා. එ් ගැන සැළකිලිමත් වෙන්න කියලා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post