ගමේ ඡන්දයත් එක්ක දේශපාන ලෝකයම රත්වෙලා තියෙන්නේ. බල පෙරලි, පක්ෂ මාරුවීම් ගැන එක එක කතා අහන්න ලැබෙනවා. එ් අතරේ අාණ්ඩු වෙනස්වීමක් ගැනත් අහන්න ලැබුණා.
ජනාධිපතිතුමා ඊයේ රත්නපුරයේ තිබ්බ රැළියකදී කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාණ්ඩුවක් පිහිටුවන්න සූදානම් කියලා. එ් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 96 දෙනාම එතුමා එක්ක හිටගන්නවා නම්.
එ්කාබද්ධ විපක්ෂයත් ජනාධිපතිතුමාගේ කතාවට පිළිතුරු දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා නම් සළකා බලනවා කියලයි ඔවුන් කිව්වේ.