ලෝක විනාසෙ වෙනව කියල සමහරු බලන් හිටියේ 2012 අවුරුද්දෙ. සමහර රටවල් මාස දෙක තුනකට කෑම පවා එකතු කරගෙන බලාගෙන හිටියා. හැබැයි ලොකේ විනාස වුනේ නෑ. ඒත් අපි කාටවත් කියන්න බෑ මේ ලොකේ කවදාවත් විනාශ නොවී තියේවි කියල.මොක්ද මේ ලොකේ හැමදේම අනිත්‍යයි.
මේ කතාව කියන්නෙ බය කරන්න හිතාගෙන නෙමෙයි. ඔබව දැනුවත් කරන්න බලාගෙන. නාසා ආයතනය මේ වෙද්දි හොයාගෙන තියෙනවා 2012 අවුරුද්දෙ පෘථිවියට පෙනුන ග්‍රාහකයක් ආපහු ලඟට ඇවිත් කියලා. මේ ග්‍රාහකය නාසා ආයතනය නම් කරල තියෙන්නෙ 2012 TC4 කියලා. මේකේ විශාලත්වය මීටර් 10 ත් 30 ත් අතර ප්‍රමාණයක් වෙනව කියල තමයි නාසා ආයතනය කියන්නෙ. ඉතිං මේ ග්‍රාහකය මේ අවුරුද්දෙ ඔක්තොම්බර් 12 වෙනිදා පෘථිවියට සැතපුම් 4,200 ක දුරකින් ගමන් කරනවලු .
කොහොම වුනත් මේ ග්‍රාහකය පෘථිවියේ ගැටෙන්න අවධානමක් තාම නැහැ. එත් වැරදිලාවත් මේ ග්‍රාහකය අපේ පෘථිවියේ ගැටුනොත් ලොකු විනාශයක් සිදු වීමේ අවධානමක් නම් තියෙනවා. ඒකට හේතුව විදිහට නාසා ආයතනය කියන්නෙ 2013 අවුරුද්දෙදි රුසියාවට මීට වඩා ප්‍රමාණයෙන් අඩු ග්‍රාහකයක් වැටුන සිද්ධිය, එදා රුසියාවට වැටුන ග්‍රාහකයේ ප්‍රමාණය මීටර් 18 ක්. ඒ ග්‍රාහකය වැටුනේ රුසියාවෙ Chelyabinsk කියන ප්‍රදේශයට.
2013 අවුරුද්දෙ මේක රුසියාවට වැටුනට, මේ ඔක්තොම්බර් 12 මේක වැටෙන්න අවධානමක් තියෙන්නෙ ලොකේ කොහෙටද කියල තාම නාසා ආයතනය ස්ථිර කරල නෑ. සූදානම් ශරීරෙ කෝකටත් හොඳයි කියල අපේ කතාවක් තියෙනවනේ. ඒ වගේම අවධානමට පෙර සූදානම කෝකටත් හොඳ නිසා මේ ගැන ටිකක් අවධානමෙන් ඉන්න කියල සියත 24 අපි ඔබට මතක් කරනවා.
VIDEO පහතින්
https://www.youtube.com/watch?v=ztrU90Ub4Uw
https://www.youtube.com/watch?v=dpmXyJrs7iU