News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

මේ දේවල් වුනොත්, මාසෙකින් හාට් ඇටෑක් හැදෙනවා – පැයක් ඇතුලත බිලියනයක් කියවූ ලිපිය මෙන්න…

16850 Views


මේ දේවල් වුනොත්, මාසෙකින් හාට් ඇටෑක් හැදෙනවා –  පැයක් ඇතුලත බිලියනයක් කියවූ ලිපිය මෙන්න…

ලෙඩ වෙලා බෙහෙත් ගන්නවට වඩා හොදයි ලෙඩ නොවී ඉන්න එක. හැබැයි ඉතින් ඒ බව දැන දැනත් අපි ලෙඩ වෙනවා. එකට එකම හේතුව අපේ තියෙන නොසැළකිල්ල. පොඩි ඔලුව කැක්කුමක් ආවම ඔබ කරන්නේ පැරසිටමෝල් පෙත්තක් බීලා නිදා ගන්න එක. හැබැයි ඒ ඔලුව කැක්කුම ලොකු ලෙඩක් ඔබට හැදෙනවා කියන එකේ අනතුරු හැඟවීම වෙන්න පුළුවන්. මේ එකක් විතරයි, මේ වගේ තව පුංචි පුංචි ලෙඩ ඇවිත් ලොකූ ලෙඩක් ළඟ එන බව ඔබට කියනවා. ඒත් ඒක ඔබ තේරුම් ගන්නේ නැහැ. තේරුම් යද්දී පෙරහැර ගිහින් ඉවරයි.

Heart Attack. මේ නම දැක්කමත් බය වුනා නේ? හැබැයි ඉතින් මේ ලෙඩේ හැදෙන්න කලිනුත් පොඩි පොඩි අනතුරු ඇඟවීම් ඔබේ සිරුරේ සිද්ධ වෙනවා. අවාසනාවට ඔබ ඒවා තේරුම් ගන්නේ නැහැ. අන්න ඒ නිසයි අපිට හිතුනේ මේ කතාව ඔබට කියන්න.

පහුගිය දවසක ඇමෙරිකාවේ පරීක්ෂකයන් පිරිසක් හොයා ගත්තා Heart Attack එන්න මාසෙකට කලින් හරියටම එන රෝග ලක්ෂණ 8ක්.

1. මහන්සිය / තෙහෙට්ටුව.
ගොඩක් අය හිතන්නෙ තමන්ගෙ ඇඟට මහන්සියක් / තෙහෙට්ටුවක් එන්නෙ එයා මානසිකව හා ශාරීරිකව ගොඩක් වැඩ කරන නිසා කියලා. ඔව් ඒක එක කාරණයක් තමයි. ඒත් ඔබට වැසිකිලි ගියාම, ඇඳේ හාන්සිවෙලා ඉඳලා නැඟිටින්න ගියාමත් තෙහෙට්ටුවක් එනවනම් ඒක ගැන නම් විශේෂ අවධානයක් යොමු කරන්න ඕන.

2. අධික බඩේ වේදනාව.
බඩේ අමාරුවක් හැදෙනවා කියන එක සාමාන්ය දෙයක් තමයි. ඒත් ඒක මොනම ක්ර මේකටවත් හොඳ වෙන්නෙ නැතුව සැරින් සැරේට අඩු / වැඩි වෙනවනම් අන්න ඒක ඔබ ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕන කාරණයක්.

3. නින්ද නොයෑම.
මාතෘකාවෙන්ම ඔබට තේරෙනවා මේ කියන්න යන්නෙ මොකක්ද කියලා. විස්තර එක්ක කියනවනම් ඔබට නිදා ගන්න ඇඳට ගියාට, මොනම විදිහකටවත් නින්ද යන්නෙ නැත්තං සහ උදේ පාන්දරම හේතුවක් නැතුවම ඇහැරෙනවනම් ඒක ගැන ඔබ සැලකිලිමත් වෙන්න.

4. හුස්ම හිර වීමේ ගතියක් දැනීම.
ඔබ හුස්ම ගන්න කොට ඔළුවෙ හිසරදයක් වගේ ගතියක් එක්ක වෙනදට වඩා හුස්ම ගන්න අපහසු ගතියක් දැනෙනවනම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

5. වැඩිපුර කොණ්ඩය ගැලවී යාම.
අසාමාන්‍ය විදිහට ඔළුවෙ තියෙන කොණ්ඩෙ යනවනම් ඒ ගැනත් අවධානය යොමු කරන්න.

6. අසාමාන්‍ය හදවතේ රිද්මය.
හදවත අසාමාන්‍ය විදිහට විනාඩි 1 – 2 අතර ගැහෙනවා කියල ඔබට දැනෙන ගමන්, ඇඟට ලොකූ මහන්සියක් එනවනම් ඔබ වහාම දොස්තර කෙනෙක් මුණ ගැහෙන්නම ඕන.

7. ඇඟට අධික දහඩියක් දැමීම.
ඔබ ජීවත් වෙන පරිසරයේ රස්නයක් නොමැතිව හරි උණ රෝග තත්වයක් වත් නැතිව, කොටින්ම කිසිම හේතුවක් නැතුවම ඇඟට දාඩිය දානවනම් ඒකත් Heart Attack ඇති වීමේ මූලික ලක්ෂණයක්.

8. පපුවේ වම් පැත්තේ අධික වේදනාව.
පහල හක්ක, බෙල්ල, උරහිස් හෝ බඩවැල් සමඟ පපුවේ වේදනාව (බොහෝ විට වමේ) නොනවත්වාම තියෙනම් ඔබ දොස්තර කෙනෙක් වෙත යා යුතුම තත්වයක්.

මෙන්න මේ රෝග ලක්ෂණ ඔබට ආවොතින්, නැත්නම් ඔබ දන්න කියන කෙනෙක් මේ අමාරු නිතර නිතර කිවුවොත් දෙපාරක් හිතන්න එපා. ඉක්මනට Doctor කෙනෙක් ලඟට යන්න. මේ Heart Attack වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post