News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

මාලේ ඇවිලෙයි. අගවිනිසුරු සහ තවත් විනිසුරුවරයෙක් පොලිස් අත්අඩංගුවට.

604 Views


මාලේ ඇවිලෙයි. අගවිනිසුරු සහ තවත් විනිසුරුවරයෙක් පොලිස් අත්අඩංගුවට.

මාලදිවයින කියන්නේ අපේ අසල්වැසි රටක්. හැබැයි මේ දවස්වල මාලදිවයිනේ තත්වය නම් එච්දර හොද නෑ. එ්රට අධිකරණයයි ජනාධිපතිවරයායි අතර සීතල යුද්ධයක් පටන් අරන් තියෙනවා.

ඊයේ එ් යුද්ධයේ ගිණි පුළිඟු එළියට පැන්නා. මාලදිවයිනේ අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ් සහ තවත් විනිසුරුවරයෙක් වුණ අලී හමීඩ් අත්අඩංගුවට ගත්තා. දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා එරට අධිකරණය ජනාධිපතිවරයාට නියෝග කරා. හැබැයි මාලදිනවයිනේ ජනාධිපති අබ්දුල්ලා එ්ක ප්‍රතික්ෂේප කරා.

එ් නිසා තමයි මේ සේරම අර්බුද පටන් ගත්තේ. මාලදිවයින් රජය ඊයේ (05) දින 15 ක හදිසි තත්වයක් ප්‍රකාශ කරා. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මාලදිවයින් අාරක්ෂක අංශයට පුද්ගලයින් අත්අඩංගුවට ගන්න වැඩි බලයක් ලැබිලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයාත් ඔවුන් නිවාස අඩස්සියේ තියාගෙන ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post