අද 2017 අගෝස්තු මාසයේ 21 සදුදා
රාහු කාලය: පෙ.ව 07.36 සිට 09.09
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: වයඹ
මේෂ ලග්නය

අධ්‍යාපනික කටයුතු ඔබගේ තීන්දු තීරණ ගැනීමේ ශක්තිය අද දවසේ ඉතාමත්ම උසස් මට්ටමක පවතිනවා. අලුත් යාන වාහන මිලදී ගන්න වගේම ඉඩකඩම් පිළිබද ගැටළු සහගත තත්ව තිබුනානම් ඒවා විසදා ගන්න ඔබගේ ආර්ථිකයට බාධාකාරී තත්ව තිබුන නම් ඒවා විසදෙන දිනයක්. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව ඇති වීමේ අවධානමක් පවතින නිසා සෞඛ්‍ය පිලිබදව වැඩි අවධානයක් යොමු කරන්න. රැකී රක්ෂා ස්ථාන ආශ්‍රිතව ඔබගේ වචන භාවිතා කිරීමේ මන්දගාමී ස්වභාවය ඔබට ඇති ජයග්‍රහණ අඩාල කරන්න පුළුවන්. ඒ නිසා ඔබගේ වචන භාවිතා කිරීම පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වීම වඩා වැදගත්.
ජය වර්ණය: විසිතුරුපැහැය ජය අංකය: 05
වෘෂභ ලග්නය

මානසික ඒකාග්‍රතාවය පවත්වා ගෙන යාමට නොහැකි වෙන දිනයක්. අසල්වාසීන් සමග ඥාතීන් සමග කරන ගනුදෙනු කිරීම් වලින් බොහෝ ජයග්‍රහණ හිමි වෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිත බාධා කම්කටොලු තිබුන නම් ඒ බාධා විසදගෙන ජව සම්පන්න ලීලාවෙන් සමාජයට මුහුණ දෙනවා. අධ්‍යාපනික කටයුතු වල පුංචි හෝ දියුණුවක් අපේක්ෂා කල හැකියි. කහ පාට මල් වට්ටියක් පුජා කරලා දවස අරඹන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 07
මිථුන ලග්නය

වචන භාවිතා කිරීම් වලදී කල්පනාකාරී වන්න. තීන්දු තීරණ ගැනීමේදී ඉවසිලිවන්ත විය යුතුයි. දකින දකින දේ මිලදී ගැනීමට ඔබේ සිත දිව යනවා. ආර්ථික තත්වය යම් ප්‍රමාණයකින් අඩාල වෙන්න පුළුවන්. යම් දේපල සම්බන්ධ කටයුතු වලින් ආදායම් උත්පාදනය කර ගැනීමේ වාසනා ශක්තිය ලැබෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව ආහාර නිසි වෙලාවට නොගැනීම නිසා ඇතිවන රෝගී තත්ව නිසා යම් පීඩාකාරී ස්වභාව ඇති වේවි.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03
කටක ලග්නය

බොහෝ සෞම්‍ය ලීලාවෙන් කටයුතු සම්පාදනය කර ගන්න. අලුත් ආර්ථික සැලසුම් පිලිබදව උනන්දුවක් දක්වන දිනයක්. බොහෝ හිතමිතුරන් ඔබේ දෛනික කටයුතු වලට වගේම ඔබේ ව්‍යාපාරික කටයුතු වලටත් උදව් ගන්න පුළුවන් වෙනවා. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලින් වගේම තීන්දු තීරණ ගන්න කටයුතු වලිනුත් ජයග්‍රහණ අත්පත් වේවි. සියුම් උණ සන්නිපාත රෝග සෙම් සහිත රෝග වලින් දෛනික කටයුතු වලට අසුභතා බලපෑම් ඇති වෙනවා. අධ්‍යාපනික කටයුතු වලට නම් එතරම්ම යහපත් දිනයක් නොවේ.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 07
සිංහ ලග්නය

කටයුතු සම්පාදනය කර ගනිද්දී ඉවසිලිවන්ත ස්වභාවය අතිශය වැදගත් වෙනවා. ඔබ ගන්න තීන්දු තීරණ නිසා ඔබටම මානසික පීඩා ඇති වේවි. අද දවසේ ඔබගේ කාර්යභාරයෙන් ඔබ කරන ක්‍රියාකලාපයන් වලින් වෘත්තිමය කටයුතු වලින් ඔබට වඩා අන් අයට සෙතක් සැලසෙනවා. ඔබේ ගෙදර දොරේ උදවිය ඔබට එරෙහිව පුංචි පුංචි චෝදනා ඇති විය හැකියි. ලෙඩ රෝග ආශ්‍රිත තත්වයන්ගෙන් ඔබ බොහෝ ප්‍රවේසම් විය යුතු වෙනවා. ඔබ වෛද්‍ය හෝ හෙද සේවාව කටයුතු කරන කෙනෙක් නම් වැඩිපුර ජයග්‍රහණ අත කර ගත හැකියි.පරිපාලනමය ශක්තිය ඉතාමත්ම යහපත්. ගමන් බිමන් යාම් වලින් තරමක් කල්පනාකාරී වන්න. වාහන අනතුරු වලින් ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: ලා කොළපැහැය ජය අංකය: 08
කන්‍යා ලග්නය

ව්‍යාපාර කටයුතු වලින් යහපත් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබේවි. තාක්ෂණ මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් පවා දියුණුව උදා කර ගත හැකියි. සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක් නම් බොහොම පහසුවෙන් ඔබේ ආර්ථිකය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. හැබැයි ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් වගේම රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් තරමක් කල්පනාකාරී විය යුතුයි. කලා ක්ෂේත්‍ර වල කටයුතු කරන අයටත් ඉතාමත්ම යහපත් දිනයක්. අධ්‍යාපනික කටයුතු පවා උසස් වෙනවා.
ජය වර්ණය: තැඹිලිපැහැය ජය අංකය: 03
තුලා ලග්නය

රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු වලින් ජව සම්පන්න ලීලාවක් වගේම අලුත් ආරම්භයන් පිලිබදව සටහන් තබන්න පුළුවන් දිනයක්.තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් පවා දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. අතහැරලා දාල තිබුන කටයුතු යලි ආරම්භ කරන්න එවැනි කටයුතු වලින් තමන්ගේ ආර්ථිකයට යම් උත්තේජනයක් ලබා ගන්න ඔබට වාසනාව පවතිනවා. උගත් පුද්ගලයන් සමග කරන ගනුදෙනු වලදී ගුරුවරුන් සමග කරන ගනුදෙනු වලදී තරමක් කල්පනාකාරී වීම වඩා වැදගත්. සෙම් සහිත රෝග වලින් වගේම ඇස් ආශ්‍රිත අබාධ තත්ව වලින් යම් පිඩාකාරී ස්වභාවයක් ඇති කිරීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. කොහොම උනත් අත ගහන බොහෝ ක්ෂේත්‍ර වල සාර්ථකත්වය වගේම මුල්‍ය පරිපාලනයේ පවතින යහපත් ක්‍රමවේද මුලික කරගෙන ජයග්‍රහණ රැසක් හිමි කර ගන්න පුළුවන්.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03
වෘශ්චික ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් සන්නිවේදන වැනි ක්ෂේත්‍ර වලින් මුල්‍ය පරිපාලන ක්ෂේත්‍ර වලින් වගේම පොත්පත් හා එවැනි දේවල් අලෙවි කරන ක්ෂේත්‍ර වලින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. දැඩි තීන්දු තීරණ ගන්න සිද්ධ වෙන දවසක්. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර ලබා ගැනීමේ ඉඩකඩ ප්‍රස්ථාව වෙන් වෙලා පවතිනවා. සෙම් සහිත රෝග වලින් යම් පිඩාකාරී ස්වභාව ඇති වෙනවා. ඒවගේම ඇස් වල දැවිල්ල ගති වැනි රෝගී තත්ව උනත් ඇති වෙන්න පුළුවන්.
ජය වර්ණය: ක්‍රීම්පැහැය ජය අංකය: 08
ධනු ලග්නය

බොහෝ ව්‍යාකුලතා ඔබේ සිත තුල ඇති වෙන්න ඉඩ තියෙනවා. ගන්නා තීන්දු තීරණ ඔබට නිතර වෙනස් කිරීමට සිදු වේවි. යාලු හිතමිතුරන්ගෙන් පවා පුංචි පුංචි දෝෂාරෝපණ වලට ඔබව ලක් වෙනවා. සෞඛ්‍ය තත්වයේ ඇති වෙන්නා වූ කඩා වැටීම් හේතු කරගෙන පාද ආශ්‍රිත රෝගී තත්ව මුත්‍රාශය කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව උත්සන්න විය හැකියි. ජලය පානය කිරීම අනිවාර්යයෙන් කරන්න. පෙර පින ඉස්මතු කර ගැනීමේ වාසනාව පවතිනවා. පරිපාලනමය ක්ෂේත්‍ර වල නීති ක්ෂේත්‍ර වල කටයුතු කරන කෙනෙක් නම් යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 02
මකර ලග්නය

ප්‍රේමණීය සම්බන්ධතා ගැන වෙනස් මානයකින් සිතිය යුතු දිනයක්. කොහොම උනත් ආදර සම්බන්ධතා වලට එතරම් යහපත් නොවේ. හැබැයි හවුල් ව්‍යාපාර කටයුතු පොදු කටයුතු සමාජීය කටයුතු වලටත් ඉතාමත්ම යහපත් දවසක්. ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර වැවිලි කර්මාන්ත ක්ෂේත්‍ර වල කටයුතු කරන්නන්ට යහපතක් උදා වේවි. හුදෙකලා ගති ලක්ෂණයක් සමාජය තුල සමාජගත නොවී සැගවී සිටින්නට වැඩි උත්සහයක් දරාවි. යහළුවන්ගෙන් පවා ප්‍රවේසම් විය යුතු දවසක්.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
කුම්භ ලග්නය

සියුම් සතුරු කරදර බාධක කම්කටොලු තිබුනානම් එවැනි කටයුතු වලින් නිදහස් වීමේ ඉඩකඩක් ඔබට වෙන් වෙලා පවතිනවා. සෞඛ්‍ය පීඩාකාරී තත්ව තිබුනානම් ඒවා මග හරවා ගත හැකියි. බොහෝ සතුට සමාදානය වගේම වාසනාව රැදෙන දවසක්. විනෝදයෙන් ප්‍රීතියෙන් කටයුතු කරන්න හැකිතාක් මුදල් හරි හම්බ කරන්න වගේම නිදහසේ වියපැහැදම් කරන්න පුළුවන්. මුක්තමය කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඔබ තුල ඇති වේවි. මානව සම්පත් කළමනාකරණය ඉදිකිරීම් ක්ෂේත්‍ර වැනි කටයුතු වල යහපත් දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.
ජය වර්ණය:ලා නිල් පැහැය ජය අංකය: 08
මීන ලග්නය

ව්‍යාපාරික කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.සියුම් දේවල් රහස් දේවල් ආදී දේවල් වල යහපතක් උදා කර ගන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපනික කටයුතු වලත් යම් මන්දගාමී තත්වයක් ඇති වුනත් අවසාන මොහොතේ හෝ ජයග්‍රහණයක් ඇති විය හැකියි. ජයග්‍රහණය අපේක්ෂා කරන කටයුතු වලදී ඔබට ජයග්‍රහණය හිමි වෙනවා. ශරීරයේ උෂ්ණ ගතිය නිසා ඇති වන රෝග තත්ව ඇති වෙනවා. මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇති වෙනවා. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා.
ජය වර්ණය: ලා කහපැහැය ජය අංකය: 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 0766765353