මේ සැරේ පළාත් පාලන ඡන්දය වෙනදට වඩා උණුසුම් වෙලා තියෙනවා. ඡන්දය පවත්වන්න තවත් දවස් 3 යි ඉතිරි වෙලා තියෙන්නේ. කාන්තා නියෝජිතයිනුත් මේ සැරේ ඡන්දයට ඉදිරිපත්වෙලා ඉන්න නිසා පිරිමි අපේක්ෂකයන්ට ලොකු අභියෝගයක් එල්ල වෙලා තියෙනවා.
මේ සැරේ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව විදියට එජායෙන් තරඟ කරන්නේ රෝසි සේනානායක මහත්මිය. මෙච්චර කාලයකට කොළඹ පුරපති පුටුවට කාන්තාවක් පත්වෙලා නෑ. රෝසි සේනානායක මහත්මිය මේ සැරේ ඡන්දයෙන් තෝරා පත්වුනොත් කොළඹ පළවෙනි පුරපතිනිය විදියට ඉතිහාසගත වෙනවා.