පුංචි මදුරුවෙක් මේ දවස්වල මුළු ලංකාවම හොල්ලනවා. ඒ තමයි ඩෙංගු මදුරුවා. ඩෙංගු මදුරුවා සෙල්ලම් දාන අල්ල පනල්ලේ ඩෙංගු වගේම තවත් උණක් පැතිරිලා යනවා. ඉතින් සමහරු කියනවා මේ වසංගතයක් වගේ පැතිරෙන්නේ ඩෙංගු නෙවෙයි, වයිරස් උණක් කියලා. හැබැයි ඉතින් ඒක ඇත්තද බොරුද කියනන් දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි.
ඩෙංගු රෝගය වගේ මේ උණෙත් ප්‍රධානම රෝග ලක්ෂණය තමයි රුධිර පට්ටිකා අඩුවෙන එක. ඒ නිසාම අධි රුධිර වහනයත් රෝග ලක්ෂණයක්. ඩෙංගු රෝග ලක්ෂණම පෙන්වන මේ රෝගය හදුන්වනේ අයි.ටී.පී. (I.T.P) කියන කෙටි නමින්. ඉමියුන් ත්‍රොම්බෝසයිටෝපිනික් පර්පියුරා තමයි සම්පූර්ණ නම.
මේ රෝගයට වැඩියෙන්ම ගොදුරු වෙන්නෙ කුඩා ළමයි. ඒ වගේම පිරිමින්ට වඩා කාන්තාවන් I.T.P වැළදීමේ ප්‍රවනතාවය වැඩියි. විශේෂයෙන්ම මැදිවියේ කාන්තාවන්. රිධිර පට්ටිකා වලට විරුද්ධව ඇතිවන ප්‍රතිදේහ හේතුවෙන් රුධිර පට්ටිකා විනාශ වීම මෙම රෝගයට හේතු වෙනවා. ප්ලීහාව තුලදී රුධිර පට්ටිකා විනාශවීම ශ්‍රිඝ්‍රව සිදු වෙනවා. ශරීරයේ ප්‍රතිදේහ ක්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් නිසා මේ විදිහට පට්ටිකා වලට විරුද්ධව ප්‍රතිදේහ නිපදවනවා කියලයි වෛද්‍යවරු කියන්නෙ.
සම මතුපිට රතු පැහැති ලප හා පැල්ලම් මතුවීම, විදුරුමස් වලින් ලේ ගැලීම, ශිරාවකින් රුධිරය ලබාගත් විට නොනවත්වා, රුධිරය වහනය වීම, රිධිර පීඩන මානයකින් පීඩනය මනින විට එම ස්ථානයට පහළින් රතු ලප ඇතිවීම මේ රෝගයේ රෝග ලක්ෂණ වෙනවා.
මේ රෝගයට තාමත් නිශ්චිත ප්‍රතිකාරයක් නෑ. නමුත් දරුවන්ට නම් මේ රෝගය වැළදුනාම ගොඩක් වෙලාවට ඔවුන් යථා තත්වයට එන්න පුළුවන්. එත් කාන්තාවන්ට මේ රෝගය වැළදුනාම ඒ දවස්වල ඔවුන් ඔසප් වෙලා ඉන්නවා නම් ඔසප් රුධිරය අධික ලෙස පිටවෙන්න පුළුවන්. I.T.P රෝගය සමනය කරන්න ප්‍රෙඩිනිඩ්ලෝන් ඉමියුනෝග්ලොබින් ලබා දෙනවා.
ඉතිං මේ රෝගය ඩෙංගු කියල වරදවා වටහාගෙන බය වෙන්න එපා. හැබැයි බය නොවී ඉන්නත් එපා. කරන්න තියෙන්නේ කලබල නොවී වෛද්‍යවරයෙක් හමුවෙලා ලේ පරීක්ෂාවක් කරගන්න එකයි. එතකොට හරියටම දැනගන්න පුළුවන් ඩෙංගුද, I.T.P ද කියලා. මේ ලිපිය share කරලා රෝගය ගැන නොදන්නා අයවත් දැනුවත් කරන්න අමතක කරන්න එපා.