අද 2017අගෝස්තු මාසයේ 22අගහරුවාදා
රාහු කාලය ප.ව 03.04 සිට04.34
සුභ දිශාව නැගෙනහිර
මරු සිටින දිශාව බස්නාහිර
මේෂ ලග්නය

ඔබ ඉගෙනීම ක්‍රිඩා හා කලා කටයුතු ක්ෂේත්‍ර වල සිටින ඔබගේ ක්‍රියාවන්ට වඩා කතාව අද දින වැඩි කරනවා. තම අනාගත සිහින ආදරය ගැන තොරතෝංචියක් නැතුව කතා කිරීමට ඔබ ආස කරනවා. ඔබේ බුද්ධිමත්කම කතාව වචන තුලින් ප්‍රකාශයට පත් කල හැකි දිනයක්. තම පවුලේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමෙන් ගෞරවයට පත් වෙන්න පුළුවන්. සිය උත්සාහයන් සාර්ථක කර ගැනීමට හැකි බැවින් උනන්දුවෙන් කටයුතු කරන්න. විශේෂයෙන් බැංකු මුල්‍ය අලෙවි උපදේශන නිවේදන ලියන කාර්මික මුද්‍රණ විද්‍යුත්අංශ වල සිටින ඔබගේ දියුණුව අද ඇති කර ගන්න පුළුවන්.
ජය වර්ණය තැඹිලිපැහැය ජය අංකය 05
වෘෂභ ලග්නය

ඔබ හදවතින් ඔබේ මනසට මුල් තැන දෙමින් කටයුතු කරන දිනයක්. දෙමව්පියන්ගේ ඇගයීමකට ඔබ ලක් වෙනවා. ගෙදරදොර දියුණුව සදහා ඔබ ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කරනවා. දෙමව්පිය උපකාර හා උරුමය ලැබීමට ඉඩකඩ තියෙනවා. තමාට වැඩදායී ශාස්ත්‍රයක් ඉගෙනීමට අද ඔබට හැකියාව හා දක්ෂතාව තියෙනවා. තමාගේ අය වෙනුවෙන් වියදම් කිරීමට අද ඔබ මැලි වන්නේ නෑ. නිහඩවම සිට අන් අයට උපකාර කිරීමට අද ඔබ ආස කරනවා. කතාවේ දක්ෂතාවයෙන් හරි හම්බ කරගත හැකි වෙනවා. ගෘහ හා විවාහක ජිවිත තුල යහපත් ලෙස කාලය ගෙවීමට හැකි වෙනවා. අනවබෝධයෙන් කිසිවක් කරන්න එපා.
ජය වර්ණය සුදුපැහැය ජය අංකය 01
මිථුන ලග්නය

ඔබේ උත්සාහයන් සදහා නිකරුනේ වැඩිපුර කාලයක් වැය වීම නිසා දිනයේ දියුණුව අඩු වෙන්න පුළුවන්. උත්සාහයන් හමුවේ ඇති විය හැකි කම්මැලිකමෙන් අලසකමෙන් මිදී කටයුතු කරන්න. විරුද්ධ ලිංගිකයන්ගේ පිළිගැනීමකට ලක් විය හැකියි. ආගිය තැන බාහිර සැප ලැබුනත් හිතට ලැබෙන සැප අඩු වෙන්න පුළුවන්. අන් ගැටළු ඔබේ කර ගන්න නම් එපා. ඔබේ ගෞරවය වෙනුවෙන් පියවර මනින්න ප්‍රමාද වෙන්නත් එපා. දිනයට සෑහෙන ආදායමක් ඇති කර ගන්න පුළුවන්. සමාජීය හා මිතුරු ඇසුරට යහපත් වෙනවා.
ජය වර්ණය තැඹිලි පැහැය ජය අංකය 03
කටක ලග්නය

ඔබ තම කතාවන් තුල ගෞරවය මානය අද ඔබ රැක ගන්නවා. ධනය අඩු වුනත් රජෙක් හා සමාන බලයකින් කටයුතු කිරීමට හැකි වෙනවා. නුවණින් කටයුතු කිරීමට ඔබට හැකි වෙනවා.අන් අයට උපදෙස් දීමට ඔබට හැකි වෙනවා. දුකට පත් අයට පිහිට වීමට ඔබට හැකි වෙනවා. දේශපාලන කටයුතු වලින් ගෞරවය ලැබීමට හැකියි. තරමක අලසකමක් අනවබෝධයක් තුල දිනයේ දියුණුව අඩු වීමට ඉඩ තිබෙනවා. පමා වී හෝ කවුරුත් ඔබ ගැන කතා කරන දිනයක්. දිනයට සෑහෙන ආදායමක් උපයා ගැනීමට හැකියි. අන් අයගේ ගැටළු ඔබේ කර ගැනීමෙන් වලකින්න.
ජය වර්ණය කහ පැහැය ජය අංකය 12
සිංහ ලග්නය

අද ඔබගේ මානසික මිත්‍රශීලි හා සමාජශීලි චින්තනයකින් හෙබිව ක්‍රියාත්මක වීම තුල ඔබ අද කරන කියන දෙයින් ලාභ ලබන එකක් වරදින කොට වෙන එකක් සොයා කරන සාර්ථක ශුර ආදායම් වැඩි කර ගැනීමට හැකි වෙනවා. සමාජ මිතුරු ගෞරවයකට පාත්‍ර වීමට ඉඩකඩ තියෙනවා. සමාජීය වගකීම් දැරීමට යෝග්‍ය දිනයක්. වැඩිමහල් සහෝදර සහෝදරියන්ට හිතවත් වෙනවා. සිය පවුලට හිතවත් වෙනවා. ගෘහ හා විවාහ ජීවිතය මිතුරුකමින්ම ගෙවී යනවා. අන් අයට උපදෙස් දීමට ඔබ දක්ෂ වෙනවා. වෘත්තීය කටයුතු වල සැප සතුට ලැබීමට හැකි වෙනවා. අනවශ්‍ය ගමන් බිමන් වලින් වලකින්න.
ජය වර්ණය නිල්පැහැය ජය අංකය 11
කන්‍යා ලග්නය

ඔබ දුක කනස්සල්ල සහිත පසුබිමක් තුල සිටිමින් හෝ ඔබගේ වගකීම හා යම් නායකත්වයක් ඇතිව වැඩ කටයුතු කරන නිසාම ඔබට සාමාන්‍ය පරිදි වෘත්තීය ව්‍යාපාර සාර්ථක කිරීමට හැකි වෙනවා. දුක් කරදර නැති තරමට සෑහෙන ධනයක් උපයා ගැනීමට හැකි වෙනවා. දේශපාලන කටයුතු වල යෙදී සිටින ඔබට අද දින නිසි ලෙස ඔබගේ කටයුතු ඉෂ්ට කර ගැනීමට හැකි වෙනවා.
ජය වර්ණය සුදුපැහැය ජය අංකය 10
තුලා ලග්නය

ඔබ අද සමාජීය කටයුතු වලට ඔබ සෘජු නායකත්වයක් දෙන කෙනෙක්. ඔබ මිතුරන් වැඩිමහල් සහෝදර සහෝදරයින් හා නෑයින් අතරේ ඔබට ප්‍රධානත්වයක් ලැබීමට ඉඩකඩ තියෙනවා. ඔබගේ ව්‍යාපාර මුල් කොට ගෙන ආදායම් ලැබීමට හැකි වෙනවා. වෘත්තීය ප්‍රධානීන්ගේ උදව් උපකාර අද ඔබට ලැබීමට හැකි වෙනවා. රජය සමග කරන කටයුතු වලින් ලාභ වාසි ඇති කර ගැනීමට හැකි වෙනවා. උසස් බලවත් අය ආශ්‍රය කිරීමට ඔබට ඉඩකඩ සැලසෙනවා. පිං අතේ වැඩ කර ගැනීමට හැකි වෙනවා. උසස් ඉගෙනීමේ කටයුතු හා විදෙස් දුර ගමන් සාර්ථක කරනවා.
ජය වර්ණය තැඹිලි පැහැය ජය අංකය 10
වෘශ්චික ලග්නය

ඔබගේ ධනාත්මක සිතුවිලි තීරණ ක්‍රියාවන් නිසා ඔබගේ වෘත්තීය හා ව්‍යාපාර කටයුතු අද දියුණුවට පත් වෙනවා. ඔබ වෘත්තීය ව්‍යාපාර මට්ටමින් කාටත් උදව් උපකාර කිරීමට ඔබ ප්‍රිය වෙනවා. පිං කිරීමට ඔබ ආස කරනවා. පන්සල් පල්ලි කෝවිල් යන්න උද්යෝගිමත් වෙනවා. වැඩිහිටියන්ට ශ්‍රමණයින්ට පුජකවරුන්ට ගරු සරු කරනවා. විදෙස් ගත සම්බන්ධකම් තියෙන ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. විදෙස් වන්දනා දුර ගමන් සාර්ථක කරනවා.
ජය වර්ණය සුදුපැහැය ජය අංකය 09
ධනු ලග්නය

අද ඔබ අනවබෝධය ඇති පසුබිමක් තුල ක්‍රියාකාරී වුවත් ඔබ අවංකව පුරුෂ වීර්යයෙන් වැඩ කටයුතු කරන නිසාම ඔබ නොසිතන පරිදි ගේදොර ඉඩකඩම් දේපල වල දියුණුවක් ලැබීමට හැකි වෙනවා. නොසිතන ලෙස මවගේ හෝ දෙමව්පියන්ගේ උපකාර අද ඔබට ලැබීමට හැකි වෙනවා. ඔබ හැර ගිය ඥාතීන් පවා ඔබගේ උදව්වට පැමිණෙන්න තියෙන දිනයක්. ඔබ උත්සහ දරන්න.අද ඔබගේ උත්සාහයන් සාර්ථක වේවි. ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න. ඉගෙනීමෙන් ක්‍රීඩාවෙන් කලා කටයුතු වලින් ඔබ නොසිතන ලෙස යම් දියුණුවක් කරා පියවර මැනීමට අද ඔබට හැකියාව තියෙනවා.
ජය වර්ණය සුදු පැහැය ජය අංකය 08
මකර ලග්නය

අද ඔබ ක්‍රියාකාරී වන්නේ අනවබෝධ පසුබිමක් තුලයි. නමුත් ඔබ අවංකව කටයුතු කරනවා. නමුත් ඔබට නිසි ප්‍රථිපල ගේදොර ඉඩකඩම් සම්බන්ධයෙන් නොලැබී යාමට හෝ පමාවට පත් වීමට ඉඩකඩ තියෙනවා. නෑයින්ගෙන් ඔබට ලැබෙන ඵල අඩු කරන්නට පුළුවන්.දෙමව්පියන්ට එතරම් යහපත් නොවන දිනයක් විය හැකියි. තම උත්සාහයන්ට නියම වටිනා කමක් නොලැබී යන්න පුළුවන්.සහෝදර අසල්වැසි ආශ්‍රයෙන් ලැබෙන යහපත් ප්‍රථිපල හීන කරන්න පුළුවන්.අපේක්ෂිත ප්‍රථිපල ඉගෙනීම හා කලා කටයුතු වලින් ඔබට අපේක්ෂා කරන ආකාරනම නොලැබී යාමට ඉඩ තිබෙනවා.ඒ නිසා දිනයේ සියලුම වගකීම් වලදි කටයුතු වලදී ඔබ අවබෝධයෙන් යුතුව කලට වෙලාවට වැඩ කටයුතු කරන්න උත්සහ දරුවොත් නම් ඔබට ජයග්‍රහණය හිමි වෙනවා.එහෙම උනොත් ඉඩකඩම් දේපල ගෙදරදොර සම්බන්ධයෙන් තම උත්සාහයන් ඉගෙනීම කලා කටයුතු ක්‍රිඩා සම්බන්ධයෙන් ඔබට යහපත් දියුණුවක් ඇති කර ගැනීමට හැකි වෙනවා.
ජය වර්ණය තැඹිලි පැහැය ජය අංකය 04
කුම්භ ලග්නය

ඔබගේ හවුල් කටයුතු කොටස් වෙළදපොල කටයුතු මහජන සේවා හා විවාහ සැලසුම් සාර්ථක කර ගැනීමට ඔබ ධෛර්යමත් විය යුතුයි. ඒ තුලයි ඔබට සාර්ථකත්වය හා ගෞරවය ලැබීමට හැකි වන්නේ.කෑම රුචිය විටින් විට ඇති විය හැකියි.අන් අයගේ කතාවන් විවේචනය කිරීමට නොයන්න.අවංකව කටයුතු කිරීමෙන් පුරුෂ වීර්යයෙන් වැඩ කටයුතු කිරීමෙන් ගෙදරදොර ඉඩකඩම් වල දියුණුවක් ලැබීමට හැකි බව ඔබ අමතක කරන්න නම් එපා. සහෝදර අසල්වැසි උපකාර ලැබිය හැකියි.විශේෂයෙන් ලියන කාර්මික මුද්‍රණ විද්‍යුත් ක්ෂේත්‍ර වල සිටින ඔඅබගේ උත්සාහයන් අද දින සවිමත් ලෙස සාර්ථක වෙනවා.කෙටි ගමන් බිමන් ඵල දරනවා.
ජය වර්ණයතැඹිලි පැහැය ජය අංකය 03
මීන

ඔබ අද ඔබගේ ජිවත් වීම පිණිස අනුන්ට කරදර නොකරන කෙනෙක් වෙනවා.ඒ නිසාම අනුන්ගෙන් ඔබට උපකාර ලැබීමට හැකි වෙනවා.විදෙස් ගත වීම් සාර්ථක කරනවා.කතාවේ දක්ෂතාවයෙන් ධනය ඉපයීමටත් උත්සාහය තුල ජය ලැබීමටත් ඔබට ඉඩකඩ තියෙනවා.පවුලේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වෙනවා.අන් අයට උපකාර කිරීමට ඔබ ආස කරනවා.කරන කියන කටයුතු වල සඵලතාවය තරමක් අඩු විය හැකියි.
ජය වර්ණයරතුපැහැය ජය අංකය 02