News Line| Off Air
Generic placeholder image

Feb
11

“ප්‍රතිඵල ආවේ බාගෙට. ඒ නිසා ආයෙත් ගණන් හදනවා.” – Result පරක්කු වෙන හේතුව මැ.කෝ කියයි. (මාධ්‍ය නිවේදනය සහිතයි.)

1031 Views


“ප්‍රතිඵල ආවේ බාගෙට. ඒ නිසා ආයෙත් ගණන් හදනවා.” – Result පරක්කු වෙන හේතුව මැ.කෝ කියයි. (මාධ්‍ය නිවේදනය සහිතයි.)

2018 පළාත් පාලන ඡන්දයේ තාමත් පළාත් පාළන ආයතන 2 ක විතරයි ප්‍රතිඵල නිකුත් වුණේ. ප්‍රතිඵල මෙච්චර පරක්කු වුන එකට හේතුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය නිවේදනයකින් කිව්වා.

සමහර ඡන්ද කොට්ඨාශවල තේරීම්භාර නිලධාරීන් එවලා තියෙන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු නොකර කියලයි ඔහු කියන්නේ. ඒ නිසා නැවතත් තැපැල් ඡන්ද ප්‍රතිඵලත් එකතුකරලා ඡන්දය නැවත ගණන් කරනව බව මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා.

ඒ වගේම පළාත් පාලන ආයතනයක සියලුම ඡන්ද කොට්ඨාශවල ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් දත්ත පද්ධතියට ඇතුල් කරනකම් අවසන් ප්‍රතිඵලයක් නිකුත් කරන්න බෑ කියල මැතිවරණ කොමිසමේ සභාපති කියනවා.

ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඉවසීමෙන් ඉන්න කියල, මැතිවරණ කොමසාරිස්තුමා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post