Wedding එකක් ගන්නවා කියන්නේ හැම කෙනෙක්ගේම ලෝකූ හීනයක්. සමහරු ඒකට අවුරුදු දෙකක්, තුනක් ප්ලෑන් කරනවා. වෙනස් විදිහට, අළුත් විදිහට, අහල ගං හත අටටම අඩ ඛෙර ගහලා තමන්ගේ Wedding එක ගන්නයි හැමෝම කැමතියි. මොකද ජීවිතේ එකම එක දවසක එන ලස්සනම දවස එදා නිසා.
ඒකට සචිත් පීරිස්, ඊයේ කාටත් නොකියම Wedding එක අරං. එකපාරටම විශ්වාස කරන්න අමාරුයි නේද? එකේ ඇති වැරැද්දක් නැහැ. මොකද කිසිම හාවක් හූවක් තිබුනේත් නැහැනේ. කොටින්ම මේ ගැන ඔබට කියන්න සාක්ෂියක් හොයා ගන්නත් අපිට සෑහෙන්න අමාරු වුණා. මොකද Photographer කෙනෙක් වත් Wedding එකේ ඉදලා නෑ. ලඟම නෑයෝ කිහිපදෙනෙක්ට සහ යාලූවො දෙතුන් දෙනෙක්ටයි Invite කරලා තිබුණේ. හරිම සරලව තමයි Wedding එක තිබිලා තියෙන්නේ. ඒක සචිත්ගෙ ක්‍රමය. Wedding එක සරලව කරපු නිසා ඉතුරු වුණු සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට අංග සම්පූර්ණ ගෙයක් හදලා දෙන්නයි සචිත්ගේ ඊළග Plan එක.
Wedding එක දවස මතක් වෙන්න මනාලියත් එක්ක Selfie යක් ගහන්න නං සචිත්ට මතක් වෙලා. මේ තියෙන්නේ ඒ සෙල්ෆිය.