News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

දිනපු හම්බන්තොට මහනගර සභාවේ බලයත් එජාපයට අහිමි වෙයි ?

2038 Views


දිනපු හම්බන්තොට මහනගර සභාවේ බලයත් එජාපයට අහිමි වෙයි ?

පහුගිය දා පැවැත් වුණ පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයට හිතපු තරම් ප්‍රථිඵලයක් ලැබුණේ නෑ. ලංකාවෙන්ම පළාත් පාලන අායතන 42 ක් විතරයි එජාපය දිනුවේ. හම්බන්තොට මහනගර සභාවත් ඊට අැතුලත්.

මන්ත්‍රී ධූර 09 ක් ලබාගෙන මහනගර සභාවේ බලය එජාපය හිමි කර ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධූර 4 ක් සහ පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර 7 ක් ලබා ගත්තා. පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකතු වෙලා සන්ධානගතව හම්බන්තොට මහ නගර සභාවේ බලය අල්ලනවා කියලා හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර කියනවා.

එහෙම වුනෝතින් පක්ෂ දෙකේ මන්ත්‍රී ධූර 11 න් වැඩි බලය ඔවුන්ට හිමි වෙනවා. පොදුජන පෙරමුණෙන් තරඟ කල ගාමිණී අානන්ද මහතාත් මේ බව තහවුරු කරා. පක්ෂ දෙකේම දේශපාලන නායකයන් දැනටමත් මේ සම්බන්ධව සාකච්ඡා කරලා තීරණය කර අැති බවත් වැඩි දුරටත් සඳහන් කරා. එහෙම වුනෝතින් දිනපු මහනගර සභාවත් එක්සත් ජාතික පක්ෂයට අහිමි වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post