News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

ලග්න 04 කට සෞඛ්‍ය පීඩා…වැඩි විස්තර මෙතනින් බලන්න.

639 Views


ලග්න 04 කට සෞඛ්‍ය පීඩා…වැඩි විස්තර මෙතනින් බලන්න.

අද 2017 අගෝස්තු මාසයේ 23 බදාදා

රාහු කාලය: ප.ව 12.13 සිට 01.46

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

මේෂ ලග්නය

ඔබගේ රැකී රක්ෂා වෙළදාම් කටයුතු වල වගේම නිවාස ආශ්‍රිත කටයුතුත් අද දවසේදී ඉතාමත්ම ඉහල මට්ටමක පවතිනවා.අලුත් යාන වාහන මිලදී ගන්න ඔබ සිහින දැක්කා නම් ඒ සිහින යථාර්තයක් බවට පත් කර ගන්න පුළුවන්. තමන්ගේ දේපල දියුණු කර ගන්න ඒවා අලුත් වැඩියා කර ගන්න ඉතාමත්ම යහපත් තත්වයක් උදා වෙලා පවතිනවා. ඒ වගේම තමයි අලුතෙන් දේපල මිලදී ගැනීමටත් ඉතාමත්ම ශුභ දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්. වෙළදාම් කටයුතු වලට සාපේක්ෂව අධ්‍යාපනික කටයුතු වල උනත් දියුණුවක් අපේක්ෂා කිරීමේ ඉඩකඩ පවතිනවා. ආමාශගත රෝගී තත්ව විටින් විට ඇති වීමේ ඉඩකඩක් පවතින නිසා ඔබගේ ආහාර රටාව පිලිබදවත් වැඩි අවධානයක් යොමු කරීම වඩාත් වැදගත් වේවි.

ජය වර්ණය: ලා කොළපැහැය                    ජය අංකය: 03

 

වෘෂභ ලග්නය

බොහොම වික්‍රමාන්විත ලීලාවෙන් අද දවසේ කටයුතු ආරම්භ කරනවා.ජව සම්පන්න කටයුතු වලින් වගේම අසල්වාසීන් සමග කරන කටයුතු වලින් තමන් ස්වාධීනව තීන්දු තීරණ අරගෙන කරන කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ ඔබට ලබා ගන්න පුළුවන්.ස්වාධීන වෘත්තිමය කටයුතු වල නිරත වෙලා ඉන්න අයගේ ආර්ථික ශක්තියත් උසස් මට්ටමක පවතිනවා.කලාකාමී හැකියාවන් වඩාත් වර්ධනය වෙනවා වගේම නිවාස ඉඩකඩම් ආශ්‍රිත කටයුතු වලිනුත් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්.උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයගේ එවැනි කටයුතු බොහොම පහසුවෙන් ජයග්‍රහණය කර ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා නිල්පැහැය                       ජය අංකය: 08

 

මිථුන ලග්නය

වාග් ශක්තිය භාවිතා කරන වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අයගේ වෘත්තීය කටයුතු බොහොම පහසුවෙන් ජයග්‍රහණය කර ගන්න පුළුවන්.වචන භාවිතා කිරීමේදී තරග කිරීමේදී ඔබට වෙනදට වඩා ජව සම්පන්න හැකියාවක් උදා වෙනවා.තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගන්න සිද්ධ වේවි.අන් අයගේ සිත නොරිදෙන ආකාරයට වචන භාවිතා කරන්න.කලාකාමී කටයුතු වල නිරත වෙලා ඉන්න අයටත් ඉතාමත්ම යහපත්.තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. විෂ වායු සම්බන්ධව ඔබට යම් බාධා කාරී තත්ව ඇති විය හැකියි.මුළුතැන්ගේ කටයුතු වලදී කල්පනාකාරී වන්න.ආමාශගත රෝග වගේම ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග තත්ව තුලිනුත් පීඩා ගෙන දේවි.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණය: කහ පැහැය               ජය අංකය: 08

 

කටක ලග්නය

තමන් පරිනත ස්වභාවයකින් කටයුතු කරනවා.බොහෝ දේවල් නිදහසේ හිතන්න අහිමි වෙලා ගිය බොහෝ දේවල් යලි ලගා කරගන්න ඔබට වාසනාව පෑදෙනවා.ඔබ වෘත්තිමය උසස් වීමක් බලාපොරොත්තුවෙන් සිටිය නම් එවැනි දේවල් ඉල්ලුම් කරන්න ඒ පිලිබදව සාකච්චා කරන්න ඉතාමත්ම යහපත් දවසක්.නීතිමය ගැටලුකාරී ස්වභාව පැවතුනා නම් එවැනි දේවල් වලින් පවා නිදොස් වෙලා නිදහස් විය හැකියි.සෙම් සහිත රෝග වලින් වගේම මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලදී කල්පනාකාරී වන්න.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 06

 

සිංහ ලග්නය

ගන්න තීන්දු තීරණ තමන්ගේම වැරැද්දට හේතුවක් වෙන්න පුළුවන් නිසා බොහොම කල්පනාකාරීව උගත් උසස් පුද්ගලයන්ගේ ආශ්‍රය ලබා ගැනීම වඩාත් වැදගත් වෙනවා.සෞඛ්‍යමය පිඩාකාරී ස්වභාව පාද ආශ්‍රිත රෝගී තත්ව උත්සන්න වීම අද දවසේ ඔබගේ ජයග්‍රහණයට බාධාවක් බවට පත් වේවි.මේ නිසාම දවසේ කටයුතු ආරම්භ කරන්න පෙර සූරිය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න.ශ්‍රවණය කරන්න.සෙම් සහිත රෝග වලින් පවා පුංචි පුංචි බාධා ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.පැරණි ඉඩකඩම් අලුත්වැඩියා කර ගන්න පැරණි ගොඩනැගිලි මිලදී ගන්න තමන්ගේ වාහනවල යම් අර්බුධකාරී තත්වයක් තිබුනානම් ඒවා නිවැරදි කර ගන්න අද දවස ඉතාමත්ම යෝග්‍යයි. තමන්ට වඩා උසස් කාන්තා පාර්ශවයන්ගේ උදව් තමන්ට හිමි වීම නිසා ඇති වෙන්න පුළුවන් බාධාකාරී තත්ව මග හරවා ගත හැකියි.ණය මුදලක් අපේක්ෂා කරානම් ඒ ණය මුදල ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා.

ජය වර්ණය: දීප්තිමත් කොළපැහැය                        ජය අංකය: 05

 

කන්‍යා ලග්නය

සංචාරක කටයුතු කලාකාමී කටයුතු තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු තුලින් බොහෝ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්.දියරමය දේවල් අලෙවි කිරීම් වැනි කටයුතු වලින් උනත් ඉතාමත්ම යහපත්.කොමිස් මුදල් හිමි වීමේ කටයුතු පවා සාර්ථක මට්ටමින් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා.අඩුවෙන් ආහාර ගන්න දවසක්. ශරීරයේ තෙහෙට්ටු ගති විඩාබර ගති නිසා ඇතැම් කටයුතු ඔබ අතහැර දමන්න පවා උත්සහ කරනවා.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණය: ලා නිල්පැහැය                       ජය අංකය: 06

 

තුලා ලග්නය

තීන්දු තීරණ ගැනීමේදී වචන භාවිතා කිරීමේදී අන් අයගේ සිත නොරිදෙන ආකාරයට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.වියපැහැදම් කිරීමේදී කුමන කාරණාවකටද වියදම් කරන්නේ කියල හොදින් කල්පනා කරලා බලන්න. රැකී රක්ෂා කටයුතු වල උසස් වීමක් ලබා ගන්න පුළුවන්.රැකී රක්ෂා කටයුතු ආශ්‍රිත වෙනසක් අපේක්ෂා කලා නම් ඒවා ලබා ගත හැකියි.තමන්ගේ දියුණුව උදෙසා ගන්නා සෑම තීන්දුවක්ම අද දවසේ යථාර්තයක් බවට පත් වෙනවා. දුර ගමන් යන්න ඔබට ආරාධනා ලැබෙනවා.එවැනි ගමන් වලින් යම් ආර්ථික ලාභ වගේම යාලු හිතමිතුරන් හදුනා ගන්න ඔවුන් සමග දිගු කාලීන සබදතා ගොඩ නගා ගන්න වාසනාව පෑදෙනවා.සිහින් පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් පීඩා ගෙන දෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

කරන කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කර ගත හැකි වේවි.ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වගේම ඉහල නිලධාරීන් සමග මිශ්‍ර වී කරන කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ ඔබ සතු කර ගන්න පුළුවන්.පරිපාලනමය හැකියාව ඉතාමත්ම යහපත්.ගමන් බිමන් යාම සදහා ආරාධනා ලැබෙනවා.ආගමනුකුල පුජනිය උත්සව වලට සහභාගී වීමට ඔබට ආරාධනා ලැබෙන දිනයක්.මානසික සුවතාවය පිලිබදව අවධානයක් යොමු කරන්න. අධික කාර්යබහුලත්වය නිසා යම් වැඩ කටයුතු අතපසු වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කොළපැහැය                        ජය අංකය: 08

 

ධනු ලග්නය

වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර සහිතව අද දවසේ බොහෝ ජයග්‍රහණ තමන් සතු කර ගැනීමේ ඉඩකඩ වෙන් වෙලා පවතිනවා.ගමන් බිමන් යාම් වලදී අලුත් යාළුවන් මුණ ගැසෙනවා.තමන්ගේ මාමා කෙනෙක්ගෙන් යමක් දිනා ගන්න බලාපොරොත්තුවක් තිබුනානම් ඒ කටයුතු පහසුවෙන් සාර්ථක වෙනවා.ආහාර පාන ගැනීමේදී ඔබගේ සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව වලින් දෛනික කටයුතු වලට බාධා ගෙන දෙනවා.

ජය වර්ණය: ලාකහ පැහැය                        ජය අංකය: 09

 

මකර ලග්නය

අතගහන බොහෝ කටයුතු කල්පනාකාරීව පවත්වාගෙන යන්න හිතට ගන්න.මානසික ස්වභාවය අතින් ගත්තත් ඔබ යම් ප්‍රමාණයකට කඩා වැටෙන දිනයක්.ජිවිතයට අලුත් දේවල් එකතු කර ගන්නවට වඩා පවතින දේවල් ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම වඩාත් වැදගත වෙනවා.අලුත් හිතමිතුරන්ව ඇසුරු කරන්න අවස්ථාවක් උදා වුනත් බොහොම කල්පනාකාරී විය යුතුයි.සමාජය තුලින් තරමක් සැගවිලා ජිවත් වෙන්න ඔබ යම් කැමැත්තක් දක්වනවා. ඔබ ගත් තීන්දු තීරණ නිසාම යම් චිත්ත පිඩාවක් මානසික අසහනයක් ඇති වීමේ අවධානම් තත්වයක් පවතිනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                     ජය අංකය: 07

 

කුම්භ ලග්නය

ප්‍රේමනීය සම්බන්ධතා හවුල් ව්‍යාපාර ආදී කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවකින් කාලය ගත කරනවා. අතහැරලා දාල තිබුන ඇතැම් කටයුතු යලි ආරම්භ කිරීමේ වාසනාව පවතිනවා.මහජනතාව සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලින් බොහොම ජයග්‍රහණ අත් වෙනවා.පාද ආශ්‍රිත රෝග තත්ව දණහිස ආශ්‍රිත රෝග තත්ව උත්සන්න විය හැකියි.සියුම් සතුරු කරදර හෝ බාධක තිබුනානම් ඔබ ඒවා සියල්ල මැඩ පවත්වා ගත හැකියි.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 05

 

මීන ලග්නය

ගන්න තීන්දු තීරණ වලින් ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට යම් අශුභතා ඇති විය හැකියි.දරුවන්ගේ කටයුතු වලට වඩා මහන්සි විය යුතු වෙනවා.තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලින් ජිවිතයට නව පන්නරයක් ශක්තියක් ලැබෙනවා. තරගකාරී කටයුතු වලිනුත් බොහෝ ජයග්‍රහණ හිමි කර ගත හැකියි.

ජය වර්ණය: ලා නිල්පැහැය                       ජය අංකය: 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 0766765353


News Articles
Latest Videos
Most Popular Post