ක්‍රිකට් ඉතිහාසයේ මෙච්චර කාලයට සිදු වුන කළු පැල්ලමක පුවතත් පහුගිය සඳුදා සියත 24 ඔබට ගෙන ආවා. ඒ තමයි පහුගිය 20 වෙනිදා ශ්‍රි ලංකා ඉන්දීය එක් දින තරඟය පරාජය වීමෙන් පස්සෙ රංගිරි දඹුළු ක්‍රීඩාංගණයට ඇවිල්ලා හිටපු ක්‍රීඩා ලෝලීන් අපේ කණ්ඩායමට හූ කියපු සිද්ධිය. එදා හූ කිව්වා විතරක් නෙමෙයි, තරඟය ඉවරවෙලා අපේ කණ්ඩායම බස් එකට නඟින්න බැරුව පැය භාගයක විතර කාලයක් STF ආරක්ෂාව යටතේ ඉන්නත් සිද්ධ වුනා.
මේ විදිහට ක්‍රීඩා ලෝලීන් දක්වපු අයහපත් ප්‍රතිචාර නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙ මානසික ඒකාග්‍රතාවය පහළ මට්ටමකට ඇවිත්ලු. ඒ වගේම කණ්ඩායමේ සාමාජිකයන් මේ සිද්ධිය නිසා දැඩි කනස්සල්ලට පත් වෙලා.මෙහෙම කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකරු අසංක ගුරුසිංහ. ඒ වුනත් දුකින් ඉන්න කණිෂ්ඨ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම හදන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉදිරිපත් වෙලා. ඒ සෑහෙන්න කාලෙකට කලින් මුරලිට හූ කියපු සිද්ධියක් මතක් කරලා. ඒ ගැන තවදුරටත් ගුරුසිංහ කිව්වෙ, මුරලි කියන්නෙ මේ ලෝකෙ පහළවුණු විශිෂ්ඨතමයෙක්. ඔහුටත් හූ කිව්ව නම් තව මොනවද…? ඇත්තටම එදා ඇතිවුණු තත්වය ගැන මම දැඩි කණගාටුවට පත් වෙනවා. එත් ක්‍රිකට් රසිකයන්ට ඕනෙත් ක්‍රිකට් ක්‍රීඩාව හරි තැනකට ගේන්න. මෙහෙම තරඟ පැරදෙන කොට ක්‍රිකට් ආගමක් වගේ සලකන රසිකයන්ට දුකක් ඇතිවෙන එකේ තර්කයක් නැහැ.
කොහොම වුනත් පල්ලේකැලේ පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කරන්න කණ්ඩායම ලොකූ උන්දුවකින් ඉන්න බවත්, කොහොම හරි පරාජිත මානසිකත්වයෙන් ගොඩ එන්න මාන බලනවා කියලත් සියත 24 වෙත ආරංචි වුනා.