පළාත් පාලන ඡන්දය තිබ්බට මේ වෙද්දි මහ අාණ්ඩුවත් වෙනස් වෙන්නයි හදන්නේ. එක්සත් ජාතික පක්ෂය තනි අාණ්ඩුවක් පිහිටුවනවා කියලා දැවටමත් ස්ථිරවම කියලා තියෙන්නේ.
එ් අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාණ්ඩුවක් පිහිටුවන කතාවක් අද කරලියට අාවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරලා මහින්ද රාජපක්ෂ මහතාත් එකතු කරන් අාණ්ඩුවක් පිහිටුවන්න හදනවා. මේ වැඩේට අත ගහලා තියෙන්නේ අතුරලියේ රතන හිමි, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, අමාත්‍ය දයාසිරි ජයසේකර සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අැතුළු පිරිසක්. මහින්ද රාජපක්ෂ මහතා එක්කත් ඔවුන් ඹේ ගැන කතා කරලා තියෙනවා.
අද (14) තිබ්බ ශ්‍රීලනිප මන්ත්‍රීවරු සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවෙන් පස්සේ තමයි මේ ගැන කතා කරලා තියෙන්නේ. මේ ගැන ජනාධිපතිතුමාටත් ඔවුන් දැනුම් දුන්නා. ජනාධිපතිතුමා නිමල් සිරිපාලද සිල්වා මහතා කැදවලා කිව්වේ අගමැතිධූරය එතුමාට දෙන්න අකමැත්තක් නෑ කියලා. හැබැයි හෙට (15) පස්වරු 2.00 වෙද්දී මන්ත්‍රීවරු 113 ක වැඩි බහුතරය පෙන්නන්න කියලා.
එ් වුනත් කුමන තත්වයක් යටතේවත් මහින්දට අාණ්ඩුවක් හදන්න සහය දක්වන්නේ නෑ කියලා දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, විජිත් විජයමුණි සොයිසා, ෆයිසර් මුස්තාපි සහ මහින්ද සමරවීර අමාත්‍යවරු එක හෙලාම කිව්වා. මේ වෙද්දි රතන හිමියන් රිශාඩ් බදුයුදීන් මහතා එක්කත් අාණ්ඩුවක් හදන්න සාකච්ඡා කරනවා කියලා අපිට අාරංචි වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වෙද්දී පාර්ලිමේන්තුවේ අාසන 96 ක් තියෙනවා. අාණ්ඩුවක් පිහිටුවන්න නම් තවත් මන්ත්‍රීධූර 17 ක් ඔවුන්ට ඕන.