News Line| Off Air
Generic placeholder image

Feb
15

“මගේ ඉඩමත් විකුණගන්න බැරි වුණා. මම දාලා යන්නේ නෑ.” – හිටපු ජනපතිනිය කියයි. – Exclusive

1749 Views


“මගේ ඉඩමත් විකුණගන්න බැරි වුණා. මම දාලා යන්නේ නෑ.” – හිටපු ජනපතිනිය කියයි. – Exclusive

ලංකාව දේශපාලනය කැළඹිලා තියෙන වෙලාවේ තවත් ප්‍රභල දේශපාලන චරිතයක් ගැන සමහර මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. එ් තමයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය.

මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් එතුමියගේ බල කණුව වුන අත්තනගල්ල අාසනය ශ්‍රීලනිපය පැරදුණා. අත්තනගල්ල කියන්නේ ශ්‍රීලනිපයේ හදවත වගේ අාසනයක්. එ් නිසා අත්තනගල්ල අාසනය පැරදුණ දුකට හිටපු ජනාධිපතිණිය රට අත්හැරලා ලන්ඩන් ගිහින් කියලා සමහර මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. එතුමිය ඉඩකඩම් පවා විකුණලා දාලා ගිහින් කියලයි වාර්තා කරලා තිබ්බේ.

හැබැයි රටගියා කිව්වට අද හවස එතුමිය චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක් එක්ක සාකච්ඡාවක සහභාගී වුණා. එ් අවස්ථාවට සහභාගී වුණ පුද්ගලයෙක් අපිට එතුමියගේ ඡායාරූප එව්වා. චිත්‍රපටි අධ්‍යක්ෂවරු එතුමියගෙන් රටදාලා ගිය කතාව ගැන අැහුවා. “මම මොකටද රට දාලා යන්නේ. තියෙන අක්කර දෙකවත් විකුණ ගන්නත් බැරුව ඉන්නවා මම. අනික මම රට අතහැරලා යන්නේ මට ඕන වෙලාවට. අනිත් අයට ඕන වෙලාවට නෙවෙයි.” කියලයි එතුමිය උත්තර දුන්නේ.

එ් සාකච්ඡාවෙන් පස්සේ හිටපු ජනාධිපතිනිය මංගල සමරවීර අැමතිතුමා සමඟත් සාකච්ඡාවකට සහභාගී වුණා.


News Articles
Latest Videos
Most Popular Post