අද 2017අගෝස්තු මාසයේ 24 බ්‍රහස්පතින්දා
රාහු කාලය: ප.ව 01.34 සිට 03.34
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: දකුණ
මේෂ ලග්නය

ඔබ අද හොද අතින් හෝ නරක අතින් වෘත්තීය ව්‍යාපාර තුල ප්‍රකට බවක් ලබන්න උත්සහ කරන දිනයක්. ඔබ අද රාජකාරිය තුල අනුන් ගැන සිතීමක් ඇති කර ගන්නේ නම් නැහැ. බොරු මවාපෑම් ඇති කර ගන්නවා. වෘත්තීය ප්‍රධානීන්ට හිතවත් වන්නේත් නැහැ. ඒ නිසාම වෘත්තීය ව්‍යාපාර දියුණුව හීන කරනවා. ඒ නිසා වෘත්තීය ප්‍රධානින් වෘත්තීය සගයන් සමග සැබෑ ලෙසම වගකීම් දරමින් හිතවත් ලෙස කටයුතු කර ඔබ පමණක් සාර්ථක විය යුතු යැයි නොසිතා සියල්ලෝම ජයග්‍රාහකයෝ විය යුතු යැයි සිතා වැඩ කටයුතු කලොත් පමණක් ඔබට වෘත්තීය කටයුතු අද සාර්ථක කරනවා. නැත්තම් ඔබට වෘත්තීය තුල ව්‍යාපාර තුල වගකීම් දැරීම තුල නායකත්වය තුල කරදර වලට මුහුණ දීමට සිදු වෙනවා. සමාජීය වගකීම් දැරීමටත් මිතුරු හමුවීම් වලටත් යහපත් වෙනවා. තම ආදායම් දියුණු කර ගැනීමට හැකි වෙනවා. ධනාත්මකව කටයුතු කර උසස් ඉගෙනීමෙන් විදෙස් දුර ගමන් සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. පින්වත් උසස් අය හමු වීමට ඉඩකඩ තියෙනවා.
ජය වර්ණය: නිල්පැහැය ජය අංකය: 09
වෘෂභ ලග්නය

ඔබ අද ආගම දහමට ලදී වෙන්නේ නැහැ. දෙමව්පියන්ට උසස් අයට වැඩිහිටියන්ට ගරු කිරීමටවත් ඔබ උත්සහ නොදරන දිනයක්. ඒ නිසාම අද ඔබට ගෙදරදොර වැඩ කටයුතු සම්බන්ධයෙන් ඉඩකඩම් සංවර්ධනය සම්බන්ධයෙන් දෙවියන්ගේ ආශිර්වාදය නම් ලැබෙන්නේ නැහැ. වාසනාව වෙනුවට ලැබෙන්නේ අවාසනාව. දෙවියන්ගේ ආශිර්වාදය නොලැබී යන්න පුළුවන්. පින්කම් කිරීමට අවහිරකම් ඇති වෙන්න පුළුවන්. වැඩිහිටියන්ගේ උසස් අයගේ උපකාර ඔබට නොලැබී යන්න පුළුවන්. අපකීර්තියක් ඔබ පසුපස සිටිනවා. උසස් ඉගෙනීමේ විදෙස් හා දීර්ඝ ගමන් සාර්ථක විය හැකියි. නමුත් ඔබට වෘත්තීය හා ව්‍යාපාර තුල උසස් රාජකාරි කිරීමෙන් දියුණුව ගෞරවය ලැබීමට හැකියි. ඒ ඔබ සතු නායකත්වය හා වගකීම් දැරීම තුලයි. සුව නින්දකට උරුමකම් තියෙනවා.
ජය වර්ණය: නිල්පැහැය ජය අංකය: 10
මිථුන ලග්නය

අද ඔබගේ ගෙදරදොර ඉඩකඩම් දේපල සම්බන්ධයෙන් ඔබ ඇති කර ගන්නා දියුණුවට බොහෝ අවහිරකම් වලට මුහුණ පෑමට හැකි වෙනවා. ඒ තුල ඔබ අපකීර්තියකට අස්ථාන චෝදනාවකට ගොදුරු වෙන්න පුළුවන් දිනයක්. ඔබට දෙමව්පියන්ගෙන් ලැබිය යුතු උපකාර නොලැබී යන්න පුළුවන්. අන් අයගේ උදව් උපකාර ඔබට නොලැබී යන්න පුළුවන්. නමුත් ඔබට දිනයේ සියලුම යුතුකම් වගකීම් සම්බන්ධයෙන් කරන ඕනෑම දෙයක් අවබෝධ කරගෙන නිතර ධනාත්මකව සිතමින් ආගම දහමට ලැදිව වැඩ කටයුතු කලොත් පමණක් ඔබට යම් සාර්ථකත්වයක් ලැබීමට ඉඩකඩ තියෙනවා. අද දින ඔබ ගෙදර සිටීමට ප්‍රිය නොවන දිනයක්. නමුත් අද ඔබට යම් කරදරකාරී දේවල් සිදු වීමට ඉඩකඩ තියෙන නිසා අන් අය සමග සහයෝගයෙන් යුතුව නිතරම ධනාත්මක වෙමින් වැඩ කටයුතු කරන්න.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 09
කටක ලග්නය

අද ඔබ ඔබගේ උත්සාහයන් හමුවේ මුරණ්ඩු වෙනවා. හිතුවක්කාර වෙනවා.තමාගේම මතයට වැඩ කරනවා. ඒ නිසා ඔබට ලැබිය යුතු ප්‍රතිඵල උත්සාහයන් තුල මුලාවකට පත් වෙන්න හෝ නොලැබී යන්න ඉඩ තියෙනවා. විවාහක ඔබ ඔබගේ ක්‍රියාදාමය මුල් කොට ගෙන ඔබගේ බිරිද හෝ ස්වාමියා පිඩාවට පත් වෙන්න පුළුවන්. ඔබගේ හවුල්කරු ඔබගේ ක්‍රියාවන් මුල් කර ගෙන පිඩාවට පත් වෙන්න පුළුවන්. ඔබ අන් අයගේ උදව් උපකාර ලැබීමට ප්‍රමාද වෙන්න තියෙන දිනයක්. ඒ නිසා සහෝදරියන් සමග එකතු නොවන දිනයක් විය හැකියි. අසල්වැසියන් හා ඔබ අතර යම් ඝට්ටන ඇති විය හැකියි. කරන කියන දේවල් අවබෝධයෙන් යුතුව කලට වෙලාවට කරමින් උත්සාහයක යෙදෙන්න. ලියන කාර්මික මුද්‍රණ විද්‍යුත් අංශ වල සිටින ඔබ අද ඔබගේ උත්සාහයන් තුල අවබෝධයෙන් වැඩ කටයුතු නොකලොත් ඔබට කරදරකාරී දේවල් වලට මුහුණ පෑමට සිදු විය හැකියි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 03
සිංහ ලග්නය

අද ඔබගේ පොකට්ටුව පිරෙන්න තියෙනවා. හැබැයි ඔබ ඔබගේ වචනය සංවර කර ගත යුතුයි. මොකද ඔබට හවුල් කටයුතු වලින් වෙළදපොල කටයුතු වලින් සමාජ සේවා කටයුතු වලින් අද ඔබට වැඩි ලාභ වාසි ලබන්න තිබෙන තියෙන දිනයක්. විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තීය යෙදෙන ඔබට අද ජයග්‍රහණ සහිත දිනයක්. නිතරම ගෘහ හා විවාහ ජීවිතය තුල ඔබගේ වචනය සංවර කරගෙන කටයුතු කලොත් සන්තෝසය ලැබීමට හැකි වෙනවා.
ජය වර්ණය: තැඹිලිපැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

ඔබගේ පෞරුෂත්වය තුල ඔබට ලැබෙන මානසික ශාරීරික සුවතාවය අඩු වී ඔබ අද අපහසුතාවයට පත් වෙන්න පුළුවන් දිනයක්.ගැටළු ඔබ කරා එනවා. අනතුරු ඔබ කරා එනවා.ඔබ ඒ සදහා මුණ දිය යුත්තේ අන් අය සමග ශුරත්වයෙන් යුතුව වැඩ කටයුතු කිරීමෙන්. එසේ නම් අද ඔබ ඔබගේ අරමුණු ඉලක්ක කරා ලගා වීමට අන් අය සමග එකතු වී කටයුතු කරන්න. ආදරය කරන ඔබලා හමු වීමට සුදුසු දිනයක් නම් නොවේ.අනවශ්‍ය අමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඉගෙනීම ක්‍රිඩා හා කලා කටයුතු වලට යොමු වී සිටින ඔබට බොහෝ අවහිරකම් ඇති වීමට හැකියි. දියුණුව අඩු වෙන්න පුළුවන්.
ජය වර්ණය: කහපැහැය ජය අංකය: 07
තුලා ලග්නය

අද ඔබගේ පසුබිම දුකට කනස්සල්ලට පත් කරන පසුබිමක්. ඒ තුල ඔබට ඔබගේ දෛනික කටයුතු කර ගැනීමට කට්ට කාගෙන ජීවිතය ගෙවීමට සිදු වෙනවා. බොහෝ බාධක අවහිරකම් වලට මුහුණ පෑමට සිදු වෙනවා. නමුත් ඔබ පුරුෂ වීර්යයෙන් කටයුතු කරනවා. ඔබ හම්බ කරන නමුත් ඉතුරු කර ගන්න ලැබෙන්නේ නැහැ. තම පවුලේ කටයුතු කර ගැනීමට නොහැකිව ඔබ පසුතැවිල්ලට පත් වීමට හැකියි. ඔබට කරදරයක් වුණු විට තව කෙනෙක්ගෙන් උපදෙසක් අහපුවම ඒ උපදෙස තුල ඔබ තවත් පහලට වැටේවි. ඒ නිසා දිනයේ දියුණුව වෙනුවෙන් නිවැරදි අවබෝධයක් සහිත පසුබිමක් තුල බුද්ධිමත්ව ක්‍රියාකාරීව අන් අය සමග සහයෝගයෙන් කටයුතු කර තමාගේ ඉලක්කයන් කරා යන්න තරම් ඔබ බුද්ධිමත් බව හා ශුරත්වය තම ජිවිතයට එකතු කර ගත යුතු වෙනවා.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 05
වෘශ්චික ලග්නය

ඔබගේ ඉගෙනීම ක්‍රිඩා හා කලා කටයුතු වලට නිරායාස උපකාර ලැබීම හේතු කරගෙන ඔබට ඉතා ඉහල දියුණුවක් ඇති කර ගත හැකියි. මිතුරන් ඔබගේ ලෙන්ගතුකම බුද්ධිමත්කම අගේ කරනවා. සමාජය ඔබව බුද්ධිමතෙක් ලෙස දකින දිනයක්. වැඩිමහල් සහෝදර සහෝදරයන් නෑයින් ඔබට ඔවුන්ගේම දරුවෙක් මෙන් උපකාර කරනවා. ආදරය කරන ඔබලාට සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා. උගත් දෙයින් ආදායම් වැඩි කර ගන්නවා. දරුවන් හා ඔබ අතර මනා වැටහීමකින් කටයුතු කිරීමට හැකි වෙනවා. යාන වාහන පහසුකම් ලැබීමට ඉඩ තියෙනවා. රාජ්‍ය උපකාර ලැබීමට හැකි වෙනවා. ගෙදරදොර දියුණුව මෙන්ම තම මවටද සුභ දිනයක්.
ජය වර්ණය: කහපැහැය ජය අංකය: 05
ධනු ලග්නය

ඔබව ගුනවන්තයෙක් යසස් ඇත්තෙක් කරවන දිනයක්. ස්වකිය කටයුතු කර ගැනීමට නොහැකිව නිතර පසුතැවෙන අයෙක් වෙනවා. ඔබව ඉතා යහපත් ධර්මිෂ්ඨයෙක් ලෙස මහජනයා උසස් අය වැඩිහිටියන් දෙමව්පියන් පුජකවරුන් අතර ඔබට කැපී පෙනීමට ලක් වීමට ඉඩකඩ තියෙනවා. උසස් ඉගෙනීමෙන් ඔබට ඇගයීමක් ප්‍රමුඛත්වයක් ලැබීමට හැකි වෙනවා. විදෙස් වන්දනා දුර ගමන් සාර්ථක වෙනවා.කතාවේ දක්ෂතාවයෙන් ධනය ඉපයීමට හැකි වෙනවා. ගෘහ හා විවාහ ජීවිතය ගෞරවනීය ලෙස ගෙවීමට හැකි වෙනවා. අනවබෝධයට ඉඩක් නොතැබිය යුතුයි.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 01
මකර ලග්නය

ඔබ අදුරේ සිට එලිය කරා ගමන් කල යුතු දිනයක්. නමුත් ඔබ ධර්මෙට ඇලුම් කරන ගතිය හීන කරන්න පුළුවන්. ලේසියෙන්ම පාප ක්‍රියා වලට රැවටීමට ඉඩකඩ තියෙනවා. අසංවර දේට ඔබ රුචි විය හැකියි. ඒ තුල අද දිනය ඔබට ලැබෙන ආස කරන සියලු දේවල් වාසනාවට ලැබෙනවා කියල හිතන්නෙපා. මන්ද අනාගතයට අපකීර්තියක් ඇති කරන්න පුළුවන් වාසනාව මෙන් පෙනෙන අවාසනාව ඔබ හමුවට පැමිණිය හැකියි. උසස් ඉගෙනීමේ කටයුතු විදෙස් හා දුර ගමන් සංචාර සාර්ථක කර ගැනීමට නිතරම ධනාත්මකව කටයුතු කලයුතු වෙනවා. ආගම දහමට ප්‍රිය වෙමින් ශක්තිය ලබමින් ඔබ වැඩ කටයුතු කල යුතු වෙනවා. වෘත්තීය හා ව්‍යාපාර සාර්ථකත්වය යහපත් නොවන දිනයක් විය හැකියි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 09
කුම්භ ලග්නය

ඔබගේ සියලු හවුල් කටයුතු කොටස් වෙළදපොල කටයුතු මහජනයා සමග කරන කටයුතු හා විවාහ සැලසුම් ආදිය සාර්ථක කර ගන්න ඔබ මිත්‍රශීලිව වැඩ කටයුතු කලයුතු වෙනවා. ඔබ සතු සමාජශීලි හැකියාවන් ඔබ පෙරමුණට ගත යුතු වෙනවා. එසේ වුවොත් ඔබට ලාභ වාසි වැඩි වේවි. ගෙදර ඉන්න දියණියන්ට වැඩි වාසි සහගත දිනයක් විය හැකියි. ඔබට සමාජ ගෞරවයක් ලැබීමටත් ආදායම් වැඩි කර ගැනීමටත් ඉඩකඩ තියෙන දිනයක්. මිතුරු ආශ්‍රයට හොද දිනයක්. සමාජීය වගකීම් දැරීමට යහපත් දිනයක්. ඔබ සතු වෘත්තිමය හැකියාවන් තුල ඔබට නිසිලෙස ඔබගේ නායකත්වය පෙළගස්වමින් ඔබට වෘත්තීය ව්‍යාපාර සාර්ථකත්වය ලැබීමට ඉඩ ඇති දිනයක්. අනවශ්‍ය ගමන් බිමන් වලක්වා ගන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 07
මීන ලග්නය

බොහොම අවධානම් සහිත පසුබිමක් තුල ඔබ සතු නායකත්වය වගකීම් දැරීමේ හැකියාව ඉස්මතු කරගෙන වෘත්තීය මට්ටමෙන් කිසි කෙනෙකුට කරදර නොකර වෘත්තීය කටයුතු වල යෙදීම් නිසාම ඔබට අන් අයගේ උදව් උපකාර වෘත්තීය මට්ටමින් ලැබිය හැකි වෙනවා. හැබැයි අද දිනය සමාජයේ වගකීම් දැරීමට නම් හැකි දිනයක් නොවේ. මහජනයා තුල ඔබට අපහාස ඇති කරන්න පුළුවන් දිනයක්. ඔබගේ ආදායම් අඩපණ වෙනවා. නමුත් ඔබට උසස් ඉගෙනීම විදෙස් දුර හා වන්දනා ගමන් සාර්ථක කර ගන්න පුළුවන්. පිනට දහමට ඔබට ලදී වෙන්න ඉඩකඩ ඇති කරනවා.
ජය වර්ණය: සුදුපැහැය ජය අංකය: 10
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක
දුරකථන අංකය: 0776719151