අද(30) රාත්‍රියෙන් ඇරඹෙන 1715 වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා දීමට සියළු කටයුතු සූදානම්. අද(30) සිට ලබන 9 වැනිදා දක්වා මෙම පහසුකම් ක්‍රියාත්මක වන අතර විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පොලිස් හා ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යටතේ පළමු කුඹල් පෙරහැර අදින්(30) ඇරඹී අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 , ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතයි.
අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.