ජනප්‍රිය බොලිවුඩ් නළු රිතික් රෝෂන් ඊයේ (02) පස්වරුවේ දිවයිනට පැමිණියා. දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම වෙනුවෙනුයි රිතික් රෝෂන් මෙලෙස දිවයිනට පැමිණ තිබෙන්නේ. ඔහු සමඟ තවත් බොලිවුඩ් සහය නළුවන් කීපදෙනෙක්ද මෙරටට පැමිණ ඇති බවයි තවදුරටත් ආරංචි මාර්ග පවසන්නේ.
සමාරම්භක උළෙල සඳහා ප්‍රවර්ධනය වෙනුවෙන් පැමිණි සුපිරි නළු රිතික් (‘War 2’ තරුව) එහි සිටි රසිකයන් සමඟ නර්තනයේ යෙදෙමින්, ඔහුගේ අතිශය ජනප්‍රිය වූ ‘Kaho Naa Pyaar Hai’ ගීතයේ හුක් ස්ටෙප්ස් නැවත ඉදිරිපත් කරමින්, ඔහුගේ ඉදිරි ක්‍රියාදාම චිත්‍රපටය පිළිබඳවද ඉඟි පළ කරමින් ඔහුගේ රසිකයන් හා එක්ව ඊයේ සන්ධ්‍යාව වර්ණවත් කොට තිබෙනවා.




