News Line| Off Air
Generic placeholder image

Aug
22

Hurricane Erin සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝක් සහ නිව් ජර්සි ප්‍රාන්තවලට හදිසි ආපදා තත්වයක්

580 Views


Hurricane Erin සුළි කුණාටුව හේතුවෙන් නිව්යෝක් සහ නිව් ජර්සි ප්‍රාන්තවලට හදිසි ආපදා තත්වයක්

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයට අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ මේ වනවිට උතුරු දෙසට ගමන් කරන Hurricane Erin සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු මුහුදු රළ සමඟින් ඇති වූ ගංවතුර තත්වය සහ වෙරළ ඛාදනය හේතුවෙන්. ආරංචි මාර්ග පවසන්නේ මෙම තත්වය තවත් දින කිහිපයක් පවතින බවයි.

කුණාටුව හේතුවෙන් දැනටමත් උතුරු කැරොලිනා වෙරළ තීරයට සහ තවත් ප්‍රදේශ කිහිපයකට ජල ගැල්මෙන් හානි සිදුව ඇති බව වාර්තා වෙනවා. ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) පවසන්නේ සිකුරාදා අලුයම දක්වා මිඩ් ඇට්ලන්ටික් සහ දකුණු නිව් එංගලන්ත වෙරළ තීරයට තද සුළං සහ නිවර්තන කුණාටු තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කුණාටුව ගොඩබිමට නොපැමිණියත්, එය වෙරළවල් වසා දැමීමට, ගංවතුර තර්ජන සහ මාර්ග වසා දැමීමට හේතු වී ඇති බව සඳහන්. NHC විසින් Erin සුළි කුණාටුව “විශාල හා වර්ධනය වන සුළි කුණාටුවක්” ලෙස හඳුන්වනු ලබන අතර, එහි උපරිම තිරසාර සුළං වේගය පැයට කිලෝමීටර 165 ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

ජාතික කාලගුණ සේවය (NWS) නැගෙනහිර වෙරළ තීරයේ පිහිනුම් කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී ඇති අතර, ජීවිත අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

නිව් ජර්සි ආණ්ඩුකාර ෆිල් මර්ෆි ප්‍රකාශ කළේ, අධික සුළං, විශාල රළ සහ ජල ගැලීම් අපේක්ෂා කරන බැවින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවයි.

කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු උෂ්ණත්වය ඉහළ යාම නිසා 2025 සුළි කුණාටු සමය (ජුනි 1 සිට නොවැම්බර් 30 දක්වා) සාමාන්‍යයට වඩා වැඩි කුණාටු සංඛ්‍යාවක් ඇති විය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post