2025 සැප්තම්බර් 7 වන පොහෝ දින රාත්‍රී 8.58 සිට සැප්තම්බර් 8 වනදා අලුයම 2.25 තෙක් පැය 5 විනාඩි 27 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පුර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් අපට ලැබෙනු ඇත. මෙදිනදී සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුලින් සදු ගමන් කිරිම හේතුකොට ගෙන පැය 1 කුත් විනාඩි 22 කාලය ක් තුල සඳු අදුරු වී යනු ඇත.
පුර්ණ චන්ද්‍රග්‍රහණ සමහර අවස්ථාවලදී පුර්ණ චන්ද්‍රග්‍රහණ “ බ්ලඩ් මූන්” හෙවත් ලෝහිත චන්ද්‍රයා ලෙස ද හඳුන්වනු ලැබේ. සූර්යයාගේ කිරණ පෘථිවි වායුගෝලය හරහා ගමන් කරන විට, ආලෝක වර්ණාවලියේ සමහර වර්ණයන් ප්‍රකිරණය නිසා විසිරී යනු ඇත. රතු තරංග ආයාම මෙහිදී අවම වශයෙන් බලපෑමට ලක්වන අතර සඳෙහි පෘෂ්ඨය වෙතට රතු ආලෝකය පතිත ව් පුර්න්චද්‍රග්රණය අවස්ථවෙදී චද්‍රයා අදුරු පැහැයට වඩා රත් පැහැයක් ගන්නා විට එම පුර්ණ චද්‍රග්‍රහණය “ බ්ලඩ් මූන්” වශයෙන් හදුන්වනු ලැබේ. මෙවර චන්ද්‍රග්‍රහණය ද එවැන්නකි.
මෙම ග්‍රහණයේ ආරම්භය ශ්‍රී ලංකාවේ සම්මත වේලාවෙන් 2025 සැප්තම්බර් 7 වන පොහෝ දින රාත්‍රී 8.58 ට පෘථිවියේ අඩ අදුරු වූ උප ඡායාව තුලින් සදු ගමන් ඇරබීමත් සමග සිදු වේ. ග්‍රහණය අපට දිස්වීම ඇරබෙනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස රාත්‍රී 9.57 සිට සදු පෘථිවියේ පූර්ණ ඡායාව තුළින් ගමන් අරබීමත් සමගය. පුර්ණ චන්ද්‍රග්‍රහණය 07 දින රාත්‍රී 11.01 සිට 08 දින අළුයම 00.22 (12.22) දක්වා දිස්වන අතර ග්‍රහණ මධ්‍ය 07 දින රාත්‍රී 11.42 ට සිදු වේ. ඉන්පසු අළුයම 00.22 සිට අළුයම 1.26 දක්වා අර්ධ චන්ද්‍රග්රනහනක් ලෙස එය අපට දිස්වේ. ඉන්පසු පෘථිවියේ අඩ-අදුරු වූ උප ඡායාව තූලින් චන්ද්‍රයා ගමන්කරන නිසා චන්ද්‍රයාගේ දීප්තියේ සුළු අඩුවීමක් හැර ග්‍රහණය හොදින් නොපෙනේ. පෘථිවියේ උප ඡායාවෙන් චන්ද්‍රයා ඉවත් වී මත් සමගම ග්‍රහණයේ අවසානය 8 දා අළුයම 2.25 සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති හා එහි තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. මෙම ග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් වශයෙන් ලොව බොහොමයක් රටවල 85% පමණ ලෝක ජනතාවට දිස්වනු ඇත.
මෙම ග්‍රහණයෙන් පසු වසර 2028 දක්වා මෙවැනි හොඳ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයිනට අවස්ථාව නොලැබේ. එහෙයින් මෙම විශේෂ දුර්ලභ සිද්ධිය භාවිතා කරමින් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු පාසැල් මට්ටමින් පැවැත්වීම ඉතා සුදුසු බව මහාචාර්ය චන්දන ජයරත්න අවධාරණය කර පවසයි.
මොරටුව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් අහස පැහැදිලිව තිබුණහොත් සජීවී වෙබ් විකාසනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි. අහස පැහැදිලි වුවහොත්, සැප්තැම්බර් 07 වන දින ඉර බැස යාමත් සමඟ ප. ව. 7.30 සිට කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේ දී මහජනතාවට ද විවෘත, ග්‍රහනය ඡායාරූපගත කිරීම ඇතුළු රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය සැලසුම් කරමින් සිටියි. මහාචාර්ය ජයරත්න මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අහස අපහැදිලි නම් නොපැමිණෙන ලෙසයි. තවද පැමිණීමට පෙර, තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 6 වනදා ට පමන, අදාළ වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙසයි.

